ග්‍රීක ශිෂ්ටාචාර ව්‍යාප්තිය
 

ක්‍රි.ව 960 පමණ කාළය වන විට වෙන්වූ ඊශ්‍රායල හා ජුදා රාජ්‍ය වෙන්වී තිබිණි. යුදෙවි ජාතීන් බැබිලෝනයේ සිරකරුවන්ව ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් ගොඩනැගූහ. මේ වනවිට ග්‍රීසියේ බුද්ධිමතුන්ගේ ප්‍රබෝධයක් ඇතිවිය. ඔවුන් දිව්‍යමය බලයන්ට වඩා භෞතික කාරණා මත සිතන චින්තනයක් ගොඩ නගමින් සිටියහ.

නැගෙනහිරින් ඊජියන් මුහුදත් බටහිරින් අයෝනියන් මුහුදටත් මායිම් වී ඇති ග්‍රීසිය දකුණින් මධ්‍යධරණී මුහුදට මායිම් වේ. මෙය අර්ධද්වීපයක් මෙන්ම කුඩා දූපත් සමූහයකින් ද යුක්තය. ඒවා ගිණිකොණ දිග යුරෝපයට අයත්ය. මුල්කාලීනව ගෝත්‍රික ජනතාවක් ලෙස සංවර්ධනය වූ ග්‍රීකයන් ඉතා ශක්තිමත් පෞඨ සංස්කෘතියකට උරුම කරවන ජාතියක් බවට පත්වූහ.

මෙසේ දියුණුවට පත්වූ රාජ්‍ය අතරින් ඇතැන්ස්, ස්පාර්ටා ප්‍රධාන විය. මෙම නගර කේන්ද්‍ර කොට ගෙන ඇතිවූ රාජ්‍යය පෞර රාජ්‍ය ලෙස ද හැදින්වීය. මෙයින් ස්පාර්ටාවරු අති දක්ෂ රණකාමීන් විය. කුඩාකල සිටම රණබිමට හුරුකරවනු ලැබූ ඔවුහු යුද්ධය ඔවුන්ගේ ආත්මය කොට සැලකුහ.






අවුරුදු 16 වන විට තරුණ පිරිමි දරුවන් රණබිමට පුහුණු කරවනු ලබන ආයතන වෙත යැවිය යුතුවිය. ඉන්පසු රළු ජීවිතයට ඔවුන් හුරුකරවනු ලැබීය. අංග විකල හෝ මානසික ආබාධ වලින් පෙළුණු දරුවන් කුඩා කලම ගිරිමුදුන් වලින් පහළට දමා ජීවිතක්ෂයට පත්කරනු ලැබූහ. ග්‍රීක ගෝත්‍ර ආර්ය භාෂාව කතා කරණ උප ජාතීන් විය. ක්‍රි.පූ. 1000 ටත් පෙර ඔවුන් ඒජියන් නගර ආක්‍රමණය කළ අතර මිසරයේ පාරාවෝ බලවත්ව සිටියහ. ග්‍රීකයෝ කලාව හා සංගීතයද, නාට්‍යාදියද කළහ. ලොව ප්‍රසිද්ධ වෘත්තාන්ත කරුවෙකු වූ හෝමර් ලියු ඉලියඩ් හා ඔඩෙසි යන වෘත්තාන්ත බිහිවූයේ මෙකල්හිය.


ග්‍රීකයන් තම අසල්වැසියන්ගෙන් දැනුම ලබාගත් අතර බාබේරියානු පුරුදු වෙනුවට බුද්ධිමය ජීවිතයකට හුරුවූහ. වීරත්වය හා ධෛර්යය ඔවුන්ගේ වටිනාකම් විය. ප්‍රථමයෙන් ඔවුන් තම නායකයින් සමග කුඩා ගම්මාන වල විසූහ. පසුව ඒජියන් නගර විනාශ කළ ඔවුන් තම ගම්මාන නගර බවට පත්කරමින්, ඒවා වටා පවුරු බැඳ ශක්තිමත් වූහ. ඔවුන් ඉතා දර්ශනීය සිද්ධස්ථාන ඉදිකළ අතර ඔවුන්ටම ආවේනික ස්වාභාවික කළා නිර්මාණයන්ටද යොමු වූහ.

ඔවුන් දේව මණ්ඩලයක් විශ්වාස කළ අතර ග්‍රීක වෘත්තාන්ත කතා වල සියුස්් නම් නායක දෙවියා හා ඔහුගේ බිරිඳ වූ හේරා ගැනද සඳහන්ය. ඇපලෝ, ඩයනා, ජුපිටර් ආදී ඉහළ ගණයේ දෙවියන්ද, දෙවියන්ගේ සේවකයන් වූ ප්‍රොමිතියස් වැනි චරිත වලින්ද, හිසකෙස් වෙනුවට සර්පයන් සිටි මැඩුසා වැනි යකුන් ගැනද, පර්සියස්, තීසියස් ආදී දෙවියන්ට හා මිනිසුන්ට දාව බිහිවූ වීර චරිතද එම වෘත්තාන්ත වල බහුල විය.

බුද්ධිමතුන්ගේ ගුරුකුළ තිබුණු අතර ඒවාවළ ලමුන් හා තරුණයන් උගත්හ. ඔවුන් නිතර සංවාද කළහ. දර්ශනය, ඉතිහාසය, තාරකා විද්‍යාව, ගණිතය, වෙදකම, විද්‍යාව හා කලාව ද ඔවුන්ගේ විෂයන් වීය.

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කළ ඔවුන් සාර්ථක ලෙස වෙළදාම් කළ අතර, ග්‍රීසියේ නිම්න හා දූපත්වල නව ග්‍රීක නගර බිහිවන්නට විය. බොහෝමයක් නගර පෙර ඒජියන් වරුන්ට හිමිව තිබුණද ග්‍රීකයෝ ඒවා අල්ලා ගත්හ.

ඇතන්ස්, ස්පාටා, කොරින්ත්, තීබස්, සමෝස්, මිලේටස් නගර ඉන් ප්‍රධාන විය. ග්‍රීක සමාජයේ පිරිමි දරුවන් ඉපදීම හා ඔවුන් රණබිමට හුරුකරවීම සැලකුණේ දිව්‍යමය භාග්‍යයක් ලෙසිනි. ස්පාර්ටාවරුන් ආගමික කටයුතු කෙරෙහි ද නැඹුරුවක් විය. අහස, සූර්යයා (ඇපලෝ) ආදී දෙවිවරු ඔවුන් අතර ජනප්‍රිය විය. දේව වන්දනා සහිත උත්සව කාලවලදී යුද්ධ කිරීමෙන් ද වැළකී සිටියහ. එම උත්සව අවස්ථාවන්හි දී යුද පුහුණු සහ එදිනෙදා කටයුතු වලින් වැළකී මුළු රාජ්‍යයේ සියල්ලන්ම උත්සව සැමරූහ.

 

 

 

 


 

ග්‍රීක දේවාලවල අනාගත වාක්‍ය කියන්නෝ ද සිටියහ. යම් ප්‍රදේශයක ආක්‍රමණය කිරීමට පෙර හෝ යුද අවස්ථාවක් පැමිණි විට මෙම දේවාලවල ගොස් පේන කරුවන්ගෙන් ඉදිරි කටයුතුවල තත්ත්වය කෙසේදැයි දැනගැනීමට රජවරු පවා පෙළඹුණහ. අහස පිළිබඳ දෙවියන් හැදින්වූයේ 'සියුස්' නමිනි.

මෙම දෙවියන්ට ගෞරව පිණිස පවත්වන ලද්දේ ඔලිම්පික් ක්‍රීඩාවයි. ඔලිම්පික් ක්‍රීඩාවේ වැදගත් ලක්ෂණය වූයේ ජයග්‍රහණයම නොව එකල පැවති ග්‍රීක රාජ්‍යවලින් තරඟ කරුවන් සහභාගි කරවීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017