ලෝක ශිෂ්ඨාචාර ව්‍යාප්තිය අධ්‍යනය කිරීමේදී ඒවාවල මහත් සමානකම් දක්නට ලැබේ. ඉන්දියාවේ වයඹ දිග හා උතුරු හා මධ්‍යම ආසියාවේ කඳුවැටි හා කඳු වලින් ද බාධක පැමිණුනද මනුෂ්‍යයෝ වඩා හොඳ දේශගුණයක් හා සරුසාර ගංගා නිම්න සොයා සංක්‍රමණය වූහ. දේවස්ථාන හා පූජක නායකත්වයද, බිලි පූජා ආදී ක්‍රමද ඔවුනට පොදු විය.
මුල්ම මානවයන් මෙන්ම, සෘතු අනුව තණකොළ වැවෙන පරිසර සොයා උතුරෙන් ආ නෝමැඩ් එඬේරුන්ද පොදු ලක්‍ෂණ මත තම තමන්ගේම යයි සැලකෙන සංස්කෘතීන් ස්ථාපනය කර ගත්හ. එකිනෙකාගේ දියුණුව හා අදහස් වෙළදාම හා ආක්‍රමණ තුලින් හුවමාරු වූ අතර මෙසපොතේමියාවේ එලමයිට් හා සිමිටික් ගෝත්‍රද පසුව නෝර්ඩික් හා පර්සියානු ගෝත්‍ර ද, ඒජියන් හා ග්‍රීක ගෝත්‍රද මධ්‍යම ආසියාවේ හා යුරෝපයේ ශිෂ්ඨාචාර ව්‍යාප්තියට බලපෑවෝය.
ආර්ය බස කථා කළ ඉන්දියාවේ ගෝත්‍ර ද, චීනයේ මොන්ගෝලියන්වරුද මීට එකතු වීය. චීනය මොන්ගෝලීකරණය වද්දී, මෙසපොතේමියාව සීමැටිකරණය වී පසුව ආර්යකරණය වීය. ග්‍රීසිය හා උතුරු ඉන්දියාව ආර්යකරණය වීය. මේ අතර නොමැඩ්වරු සෑම තැනකම විනාශ කාරී ක්‍රියා කළහ.
ආර්ය බස කථා කළ ඉන්දියාවේ ගෝත්‍ර ද, චීනයේ මොන්ගෝලියන්වරුද මීට එකතු වීය. චීනය මොන්ගෝලීකරණය වද්දී, මෙසපොතේමියාව සීමැටිකරණය වී පසුව ආර්යකරණය වීය. ග්‍රීසිය හා උතුරු ඉන්දියාව ආර්යකරණය වීය. මේ අතර නොමැඩ්වරු සෑම තැනකම විනාශ කාරී ක්‍රියා කළහ.
යුද හමුදා ආ ගිය අතර නගර බිහිවී වැනසිණි. බලය හුවමාරු විණි. එහෙත් මානව ශිෂ්ටාවාරය ඉදිරියටම ආවේය. බුද්ධිමය ප්‍රබෝධය නිසා ඔවුන් පැරණි විශ්වාස ප්‍රශ්න කළ අතර පූජක නායකත්ව වෙනුවට තමන්ගේ නායකයන් රජුන් කළහ.
බුදුන් වහන්සේ පවා පහළ වූ ක්‍රි.පූ. හයවන සියවස මෙහිලා වැදගත් වන අතර සාම්ප්‍රදායික විශ්වාස වෙනුවට නව ආගමික, බුද්ධිමය හා සදාචාර සම්ප්‍රදායන් බිහිවිය. කියවීම හා ලිවීමේ දියුණුවද සාහිත්‍ය හා කලා කටයුතු ද වැඩුණු අතර වෙළඳාම හා ප්‍රවාහණය දියුණු වීම මත අදහස් හුවමාරුවද සිදුවිණි. කාසි භාවිතය නිසා වෙළඳාම තවත් දියුණු වූ අතර මධ්‍යධරණිය බුද්ධි සංවර්ධනයේ කේන්ද්‍රය වීය.