නයිල් නිම්නයේ ශිෂ්ටාචාර විකාශණය
 

ක්‍රි.පු. 1600 වන විටත් ඊජිප්තුව පැවතුනේ යුදෙව් අරාබ් ආදි සැම්ටික් වර්ගයට අයත් එඬේර රජුන්ට යටත්වයි. එහෙත් ස්වදේශිකයෝ සටන් කර ඔවුන් පන්නා දමා පාලනය තමන් අතට ගත්හ. නව අධිරාජ්‍ය සමය නම් වූ කාල පරිච්චේදය ඇරඹුනේ එතැන් සිටය.

මෙය ශ්‍රී ලංකාවට විජය කුමරුන් පැමිණීමට වසර 1100 පෙර කලය. ශ්‍රී ලංකාවේ මාන්තායි ප්‍රදේශයේදී සොයාගත් ආදී ඇට සැකිල්ල ක්‍රි.පූ. 1800 කලට අයත් යයි සැලකෙන අතර එකල ශ්‍රී ලංකාවේ මෙසෝලිතික යුගයේ අවසාන කාල පරිච්චේදය ලෙසද සලකයි. තවද එහිදී හමුවූ තඹ උපකරණ වලින් ඊජිප්තුවට සමකාලීන තඹ භාවිතා කරන ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේද තිබුණු බස සිතිය හැක.

ඊජිප්තුව ස්වදේශිකයින් යටතේ එක් සේසත් වූ අතර පාලනය හිමිවූයේ සටනට නායකත්වය සැපයූ තිබූ පාරාවෝ නම් කොටසටයි. ඔවුන් මේ වන විටත් විදේශිකයින් ගෙන ආ යුද අශ්වයින් හා යුධ රථ භාවිතයට හුරුව සිටියහ.

ඔවුන්ගේ යුද බලය කෙතරම් වැඩීද යතොත් තුන්වන තොත්මස් හා (Thothmes III) හා තුන්වන අමෙනෝපිස් (Amenophis III) යටතේ ඊජිප්තුවේ බලය යුප්‍රටීසය හා මධ්‍යම ආසියවටද විහිදිණි.

මෙසපොතේමියාවේ හා නයිල් නිම්න ශිෂ්ඨාචාර අතර මේ වන විට වසර දහසකට වඩා යුද පැවතිණි. එහිදී ඊජිප්තුව ඉදිරියෙන් ගමන් කළ බව කිව හැකිය.

මහ රැජිණ හතාසු හා දහනවයද, රැමසේස් 2 රජුද, මෝසෙස් නම් පාරාවෝ රජුද ඊජිප්තුවට සෞභාග්‍යය උදා කළෝය. වරින් වර දමස්කසයෙන් සිරියානුවන්ද, දකුණින් ඉතියෝපියානුවන්ද, මෙසපොතේමියාවේ බැබිලෝනියානුවන්ද ආක්‍රමණය කිරීමෙන් ඊජිප්තුවට හානි පැමිනුණි. වරක් සිරියානුවෝ මුළු මහත් මිසරයම අල්වා ගත්හ.

පසු කලෙක ඇසිරියානුවෝ බැබිලෝනය පාලනය කළ අතර ඊජිප්තුවට පහර දුන්හ.

මධ්‍යම ආසියාවේ සිටද වරින් වර සෙමිටික් බලඇණි ඊජිප්තුව ආක්‍රමණය කළහ. ඒ හමුදා ඉතා විශාල වූ අතර යුද කරත්ත හා අශ්වාරෝහකයෝ බහුලව යෙදිනි. ම්තානි රජ තුස්හාටා (Tushratta) ඇසිරියානුවන්ගෙන් නිනේවා (Nineveh) අල්ලාගත්තේය.

උතුරෙන් ආමේනියානුවෝ ගෙන ආ යකඩ හා යුද ක්‍රම ප්‍රගුණ කළ ඇසිරියාවේ තිගලත් පිලෙසාර් (Tiglath Pileser) බැබ්ලෝනය ක්‍රි.පූ 745 දී අල්ලාගත්තේය. එයින් ඇසිරියානුවෝ විශාලම යුද ශක්තිය බවට පත්වී ඇසිරියානු අධිරාජ්‍යය බිහිවිය.


 තිගලත් පිලෙසාර්




සාගන් 2 (Sargon II) රජු ගේ පුත් සෙන්නාචර්බ් ගේ හමුදා ක්‍රි.පූ. (Sennacherib) ඊජිප්තුව ආක්‍රමණය කර දේශ සීමාවේදීම ලජ්ජා සහගත පරාජයක් අත්කරගති. එහෙත් පසුව ඔහුගේ මුණුබුරා වූ අසුර්බනිපාල් (Assurbanipal) ක්‍රි.පූ.670 දී එවකට ඉතියෝපියානුවන්ට යටත් වී තිබුණු ඊජිප්තුව අල්ලා ගත්තේය.

  සෙන්නාචර්බ්                   අසුර්බනිපාල්

 

මෙම වසර 1000 ක කාළය ඊජිප්තුව වරෙක දිග හැරෙන හා වරෙක හැකිලෙන රාජ්‍යයක් විය. මේ අතරම උතුරින් ආ යුද කරත්ත හා යකඩ ආයුද වලින් සන්නද්ධ හා ආර්යය බස කතා කරන බාබේරික ගෝත්‍ර වලින් ඊජිප්තුවට උතුරින් පිහිටි බටහිර ආසියාවේ ලිඩියා වැනි ඒජියන් නම් කුඩා රාජ්‍යන්ද, සෙමිටික් ශිෂ්ඨාචාර ද මහත් හිරිහැර වින්ඳෝය.

ඊජිප්තුවට උතුරින් හා නැගෙනහිරින් පිහිටි කළු මුහුද හා කැස්පියන් මුහුද වටයෙන් මිඩාස් හා පර්සියානුවෝද, බෝල්කන් මුහුද හරහා සිමේරියන් වරුද හා අද ග්‍රීකයන් ලෙස හඳුන්වන හෙලනික්වරුන්ද වරින් වර ඊජිප්තු නගර කොල්ල කෑහ. මෙම ආර්යයෝ බටහිරදී ඒජියන් නගර අල්ලාගන ඒවා වල වැසියන් පන්නා දැමූ අතර නැගෙනහිරදී ගම්මාන මංකොල්ල කෑම් කළහ.

මේ නිසා ඒජියානුවෝ ආර්යයන්ට පැම්ණිය නොහැකි ප්‍රදේශ කරා ගියහ. නයිල් ඩෙල්ටාවට ගිය ඔවුනට ඊජිප්තු වාසීන් විසින්ද පලවා හරින ලදි. සමහරක් මුහුද තරණය කර ඉතාලි වනාන්තර වලට ගියහ. සමහරක් මධ්‍යධරණී වෙරළ තීරයේ නගර ඉදිකර ගත්හ. මෙම එක් සෙමිටික් ගෝත්‍රයක් වූ හීබෲ ජාතිකයෝ සාහිත්‍යය අතින් දියුණු වූ අතර ඔවුන් අතරින් අගනා සාහිත්‍ය ග්‍රන්ථ මෙන්ම පැරණි හීබෲ බයිබලයද බිහිවිය.

මෙම ඒජියානු නගර මධ්‍යධරණි මූහුද වටා ස්පාඤ්ඤය හා උතුරු අප්‍රිකාවටද විහිදිණි.



මෙම ආර්යය බලවේග වලින් මෙසපොතේමියාවේ හා ඊජිප්තුවට එතරම් බලපෑමක් එල්ල නොවූ අතර ඔවුන්ගේ ශිෂ්ඨාචාර දිගටම දියුණු වීය. මේ වන විටත් මිසරයේ වසර 2000 කට වඩා පරණ පිරමිඩ තැනී තිබිණි. නිනේවාහි ස්මාරකද කාර්නක් මහ දෙවොලද, තටු සහිත ම්නිස් හිස් ගොන්නු ආදී නිර්මාණද ක්‍රි.පූ. 1600 - 600 B.C. කාලය අතර බිහිවිණි. මෙකල බාබිලෝනයේ ස්වර්ණමය යුගය ලෙසද සැලකේ.


ක්‍රි.පූ 600 වන විට (බුදුන් වහන්සේ වැඩ සිටි කාලය ලෙස සැලකේ) මෙසපොතේමියාවේ හා ඊජිපතුවේ ලේඛන කලාව දියුණුව තිබූ අතර කවි කතා සාහිත්‍යයද හා වාණිජ ලේඛන හා ගිණුම් කරණයද දියුණුව තිබිණි. පොහොසත් මිනිසුන් ඉතා සැපවත් ජීවිත ගත කළ අතර ඔවුන්ගේ නිවෙස් අලංකාර හා දැසි දස්සන්ගෙන්ද යුක්ත විය. යකඩ තරමක් භාවිතා වූ අතර තඹ හා ලෝකඩ ප්‍රධාන ලෝහ විය. සුළු වශයෙන් කුඩා භාණ්ඩ සඳහා වීදුරු භාවිතා වූ අතර කාසි භාවිතයක්ද නොවිණි. වෙළඳාම කළේ භාණ්ඩ හුවමාරුවෙනි. රත්තරන් හා රිදී කුට්ටි වෙළඳාමේදී බර අනුව භාවිතා විය. ඒවා වල මුද්‍රා තබා බර සඳහන් කර තිබිණි.


 
 
මුල් කාලයේදී  මිනිසුන් බිලිදීම කෙරුණු අතර සතුන්ද බිලිදීම සිදුවුනි. පසු කාලීනව මිනිසුන් බිලිදීම අභාවයට ගොස් සතුන් බිලිදීම පමණක් කෙරුණි. ප්‍රභූ නායකයකු මළවිට ඔහුගේ භාර්යාවන්ද බිලිදීමේ චාරිත්‍රද පැවතුණි. නායකයා මිහිදන් කරන විට සතුන්, බඩු භාහිරාදිය, නිවාස ආකෘති ආදියද මිහිදන් කළේ මරණින් පසු ලෝකයේ ප්‍රයෝජනයට ගන්නටය.

 

මේ වනවිට ඉන්දියාව හා චීනයේද සමකාලීන ශිෂ්ටාචාර දියුණු වෙමුන් පැවතුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017