නයිල් නිම්න ශිෂ්ඨාචාරයේ වැදගත්ම අංගය වන්නේ එහි ඉදි කර ඇති පිරමීඩයන්ය. ටොන් 2 1/2 පමණ බර ඇති හුණුගල් කුට්ටි මිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ත්‍රිකෝණාකාර හැඩයට මෙම පිරමිඩනිමවා ඇත. අක්කර 13 ක පමණ ප්‍රදේශයක පැතිර ඇති පිරමීඩයක එක් මුහුණතක උස අඩි 500 කට ආසන්න වේ.
ගිසාහි පිරමිඩ
මේවා සෑදීමට අවුරුදු 20 ක් පමණ ගත වී ඇති අතර වහල් මිනිසුන් ලක්ෂයක් පමණ වැඩකර ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. කිසිදු බදාමයක් භාවිත නොකොට ගල්කුට්ටි එක මත එක තැබීමෙන් මේවා සාදා ඇත. මෙම ගල් කුට්ටි අතර කිසිදු හිඩැසක් නොවීම සහ ඒවා එකිනෙක යාකර ඇති ආකාරය පුදුම සහගතය.
පිරමිඩයක් ඇතුලත
නයිල් නිම්න වාසීන් කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය අතින් උසස් ස්ථානයක් ගත්හ. උස් කුළුණු උපයෝගි කරගත් සිද්ධස්ථාන සහ ඒවායේ බිත්ති අලංකාර කළ චිත්‍ර ද දක්නට ඇත.
ඔවුහු විශාල ප්‍රතිමා නිර්මාණයෙහි ද දක්ෂ වූහ. 'අබු සිම්බල්' නම් ස්ථානයේ ඇති දේවස්ථානයක මෙවැනි ප්‍රතිමා දක්නට ඇත.
ස්පින්ක්ස් ප්‍රතිමාව
නයිල් නිම්න වැසියෝ ගණිතය පිළිබඳ උසස් දැනුමක් ඇතිව සිටි බව පෙනේ. මෙවන් විශාල පිරමීඩ තැනීමේ දී ගණිතය පිළිබඳ ඔවුන්ගේ දැනුම උපකාර වී ඇත. සූර්යයාගේ ගමන පදනම් කරගෙන දින 365 ක දින දර්ශනයක් ද ඔවුන් නිර්මාණ කර ඇත. වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙන්ම ශල්‍ය කර්ම පිළිබඳව ද ඔවුන් දැන සිටි බව පෙනේ.