මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භවන නයිල් ගඟ ලෝකයේ දිගම ගංඟාව ලෙස සැලකෙයි. මෙය මධ්‍යම අප්‍රිකාව වික්ටෝරියා විලෙන් ආරම්භ වී සැතපුම් සිය ගණනක් ගලා මධ්‍යධරණී මුහුදට එක්වෙයි. අප්‍රිකාව පුරා ඇති කාන්තාර දේශගුණයට ආශිර්වාදයක් වූ නයිල් ගඟ පිටාර ගැලීමෙන් දෙපස නිම්න සරුසාර වෙයි.
මෙනිසා සංචාරක ගෝත්‍ර ලෙස ජීවත් වූ ජනතාව නයිල් නිම්නය දෙපස ස්ථීර පදිංචියට යොදාගත්හ. ඉන්පසු කෘෂිකාර්මික දිවිපෙවෙතක් ආරම්භ කළ ඔවුහු හණවර්ග, පලතුරු සහ තිරිඟු ආදිය වගාකරමින් ගවයන් ඇතිකරමින් ස්ථීර වාසස්ථාන ගොඩනැගුහ. ඉන්පසු ක්‍රමයෙන් ඔවුහු නයිල් ගඟ දෙපස ගම් පිහිටුවා ගත්හ.
මෙම ගෝත්‍රික ජනතාවට නායකයෙක් සිටි අතර නායකයා සිය ගෝත්‍රයේ දියුණුවට උදව් උපකාර විය. කල්යත්ම අසල්වැසි ගෝත්‍ර යටත් කරගෙන ගම් විශාල කරගත් ඔවුහු සියවස් ගණනාවකට පසු මෙම ගෝත්‍ර සියල්ල එක්වී රාජධානියක් ලෙස සංවිධානය විය.