මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය දියුණු වීමට හේතුව එහි ආහාර බහුල වීමය. කුඩා ගමිමාන නගර බවටද, ඒවා නාගරීකරණයෙන් මහ නගර බවටද පත්වීය. ඒ සමගම සමාජ පංති, ආගමික නායකත්වය හා ආගමික නායකත්වයට දේශපාලන ආරක්‍ෂාව සපයන රාජ්‍ය හෝ රජු සංකල්පද දියුණූ වීය.
නගර බිහිවීම තුල වෙළඳාම දියුණු වූ අතර පිටාර ගලන ගඟ ආසන්නයේ බිම සරුසාරත්වයෙන් වැඩි විය. පසුව සකසන ලද වාරිමාර්ග පද්ධති නිසා කෘෂිකර්මය පුළුල් වූ අතර ජනගහනයද වැඩිවිණි. මේ නිසා විවිධ සමාජ සමූහ හා තල ඇතිවූ අතර ඔවුන් අතර සඹඳතාද වර්ධනය වීය.
සමාජීය අවශ්‍යතා මත ගොවියන් නොවන රක්‍ෂා ඇතිවූ අතර පූජක පක්‍ෂය දෙවියන් හා සම්බන්ධය ඇතිකරන්නා විය. පූජකයින් ජනතාවගේ ආගමික දිවිය පාලනය කරමින් හා දැනුමෙන්ද පොහොසත් වීය. ඔවුන් ආර්ථිකය, වෙළඳාම, ඉඩමි හිමිකම් ද පාලනය කළහ
අතීත මෙසපොතේමියාවේ විවිධ සංස්කෘති හා භාශා පැවති අතර භූමුකව එකසත්ව නොතිබුණි. ඊට ප්‍රධාන නගරයක් පවා නොවීය.
දේව මණ්ඩලයකින් ලොව පාලනය වනවා යයි ඔවුනගේ විශ්වාසය වීය. ඔවුන්ගේ භාෂා දියුණුවට දෙවියන් පිළිබඳ ලියු ලේඛන හේතුවන්නට ඇත. ලේඛන වලට අනුව දේව මණ්ඩලයේ දෙවියන් 1,000 කට අධික වීය. බොහෝමයක් නම් එකම දෙවියකු හැඳින්වීමට යොදාගන ඇති බව කියවේ.
ගණිතය, නක්‍ෂත්‍රය හා තාරකා විද්‍යාව ලොවට දායද කළේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ බැබිලෝනියන්වරුය. කාලය මණින පැය, විනාඩි ක්‍රමයද , අංශක 360 ක් ලෙස වෘත්තයක් බෙදා කෝණ මැනීමද ඔවුන් නිර්මාණය කළ දෑය.
මුද්‍ර තැබීම හා ගෘහ නිර්මාණ ශිල්පයේ ඔවුන් දක්‍ෂ වූහ. ඔවුන් සැදු දේවාල, වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් සාක්‍ෂිය.
ඔවුන් කෘතිම ගල් එනම් කොන්ක්‍රීට් භාවිතා කළ අතර ගිණුම්කරණයද කළහ. ලේඛන කලාව ඔවුන් ලොවට දායාද කළ වටුනාම සම්පතය. උසස් ලේඛන කලාවක් බිහි කිරීමට දායක වූ ඔවුන් ප්‍රථමයෙන් මැටි පුවරුවල සංකේත මගින් විවිධ දෑ ලියුහ.