අඛ්‍යාතය වෙනුවට මිශ්‍ර ක්‍රියාවක්‌ යොදා සංයෝජනය
 

වාක්‍ය දෙකක්‌ සංයෝජනයේදී ප්‍රථම වාක්‍යයේ අඛ්‍යාතය වෙනුවට මිශ්‍ර ක්‍රියාවක්‌ යොදා වාක්‍ය සංයෝජනය කළ හැකිය.

අම්මා උයයි.
අම්මා සිංදුවක්‌ අසයි.
අම්මා උයමින් සිංදුවක්‌ අසයි.

ළමයා නටයි.
ළමයා ගී කියයි.
ළමයා රඟයි.
ළමයා ගී කියමින් නටමින් රඟයි.

(c) Shilpa Sayura Foundation 2006-2017