නීතිය මගින් රජුන්ගේ බලය සීමා කර තිබිණි. නගරයේ දේවතාවාගේ නියෝජිත ලෙස සැලකුණ රජු දෙවියන් වෙනුවෙන් බදු එකතු කළේය. එම බදු සිද්ධස්ථානයේ භාණ්ඩාගාරයට එකතු විණි.
පූජකයෝ විසින් අනුමත පරිදි රජු රට පාලනය කළ යුතු අතර එසේ නොකිරීමෙන් රජකම අහිමි වීම සහ එලොවදී පවා දඬුවම් ලැබේ යයි විශ්වාස කෙරුණි. පූජකයෝ ඉතා බලවත් පිරිසක් වූ අතර විවිධ ශාස්ත්‍ර හැදෑරීමෙන්ද සාමාන්‍ය ජනයාට වඩා උගත් වූහ.
සිද්ධස්ථාන ධනවත් වූ අතර රජුන් විසින් තවත් සිද්ධස්ථාන තනමින් දෙවියන් පිදීය. දුප්පත් හා පොහොසත් සැම දෙන තම මුදල් හෝ කෘෂි ආදායමෙන් කොටසක් සිද්ධස්ථාන වලට දුන්හ. පූජකයින්ට එම මුදල් හො වස්තුව කෙළින්ම පරිහරණය කළ නොහැකී වූ අතර ඒවා බැබිලෝනියාව ගොඩනැගීමට යෙදිණි.
සිද්ධස්ථානයට අයත් ඉඩම් වල වහලුන් මෙන්ම ගෙවුම් ලද ජනයාද විවිධ සේවයේ යෙදවිණි.