ඊජිපතුවේ පාරාවෝ මෙන් ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට බැබිලෝනියානුවෝ අසමත් වූවද අසමමිතික බදු වලින් පිරී තිබිණි. හොරුන් පිරුණු පාරවල් වෙනුවට රජු විසින් තැනූ පාරවල් භාවිතා කළ වෙළදුන්ට ඒ සඳහා රජුට බදු ගෙවීමට සිදුවිය.
බැබිලෝනියානුවෝ කාසි භාවිතා නොකළහ. හමුරාබි කාලයටත් පෙරසිටම ඔවුන් බාර්ලි, තිරිඟු, රත්තරන් හා රිදී කුට්ටිද බර අනුව භාවිතා කළහ.
බැංකු නොමැති වූ අතර ණය ගනුදෙනු හා අධික පොළී ක්‍රමයක් තිබී ඇත. ණය දීම ධනවතුන්ගේ ආදායම් මාර්ගයක් වීය.
බැබිලෝනියාව සත්‍යයෙන්ම වාණිජමය ශිෂ්ඨාචාරයකි එහිදී සොයාගත් ලේඛණ අතර විකණුමි, ණය පත්, ගිවිසුම්, හවුල්, කොමිස්, කොන්ත්‍රාත්, බැඳුම්කර හමුවේ.
වහල් සේවය බැබිලෝනියානු ජීවිතයේ කොටසක් වීය. වහලුන් යුදවලදී පරාජිත වූවන් මෙන්ම විදේශ වලදී අල්ලාගත් බෝඩුවින් වරුන්ද වීය. වහලකුට උපදින දරුවන්ද වහලුන්ම වීය.
වහලුන් සතු සියළු දේ ඔහුගේ ස්වාමියාට අයත් යැයි සැළකිණි.
වහලුන් වෙළදාමක් වූ අතර වහලකු මරණයට පත්කිරීමටද ස්වාමියාට අයිතිය තිබිණි.
පැන යන වහලුන්ට සරණ වීම තහනම් වූ අතර අල්ලා දෙන්නන්ට තෑගි පිරි නැමිණි.