හමුරාබිගේ කාලයේ ආකාඩියානු හා සුමේරියානුවන්ගේ එකතුවෙන් බැබිලෝනියාව බිහිවිය. බැබිලෝනියානු සමාජය හමුරාබි නීතියෙන් විනයානුකූල වූ අතර එක්සත්, ශක්තිමත් හා ආරක්‍ෂාද වීය.
හමුරාබි සිද්ධස්ථාන හා බලකොටු ඉදිකළ අතර මිනිසුන්ගෙන් බදු අය කළේය. ඔහුට නැවු හා හමුදාවක් තිබූ අතර නීති ආරක්‍ෂා කිරීමට ඔවුන් යෙදවීය.
සාමාන්‍ය ජනතාව දිගු කපු පිළි ඇන්ද අතර, පබළු සහිත ආභරණ ඇන්දහ. ගැහැණු හා පිරිමි දෙපිරිසම දිග කොණ්ඩා වැවූහ. ඔවුන් සුවද විළවුන් භාවිතා කළ වර්ණවත් ඇඳුම්ද ප්‍රිය කළහ. පිරිමි තලප්පා පැළැන්ද අතර හැරමිටි භාවිතා කළහ. ඔවුන් තමන්ට ආවේනික මුද්‍රා හා සංකේත පැළැන්දහ.
ඔවුනගේ ධනවත්කම නිසාම අන්‍ය දේශ වාසීන්ගේ ආක්‍රමණ වලටද ලක්වීය.
හමුරාබිගේ මරණයෙන් පසුව කාසිට් නම් කඳුකර ගෝත්‍රිකයෝ නිතර නිතර බැබිලෝනියාව කොල්ල කෑහ. ඔවුන් ඉන්දු යුරෝපීයන් වූ අතර බැබිලෝනියාව අල්ලාගන වසර හයසියයක් පාලනය කළහ.
මේ කාළය වනවිට මිසර ශිෂ්ඨාචාරයද ගොඩනැගී තිබිණි. මේ වනවිට උතුරු ප්‍රදේශවල බලවත් වූ ඇසිරියානුවන්ගේ සහයෙන් නිනේවා රජවරුන් බැබිලෝනියා නගරය අල්ලාගන එය නැවත ගොඩ නැගූහ.
හමුරාබිට පසුව බැබිලෝනියාව පාලනය කල බලවත්ම පාලකයා වූයේ නෙබුචාඩෙන්සාය. (Nebuchadnezzar) ඔහු දක්‍ෂ යුදකාමියෙකු හා පාලකයකු වූ අතර බැබිලෝනියානු රාජවංශය ගොඩ නැගීය.
පසුව ඊජිප්තුව හා ඇසිරියාව එකතු වී නෙබුචාඩෙන්සා පාලනය කළ බැබිලෝනියාව යටත් විජිතයක් කර ගැනීමේ කුමන්ත්‍රණයක් කළද කාචේමස්හි යුද්ධයකදී ඔවුන් පරාජය කර බටහිර ආසියාවේ සිට පර්සියානු බොක්ක දක්වාද එහි සිට මධ්‍යධරණි මුහුද දක්වාද වෙළඳාම පාලනය කිරීමට සමත් විය. මේ අනුව බැබිලෝනියාව ඉතා පොහොසත් වූ අතර ඉතා දර්ශනීය නගරයක් ගොඩනැගීමටද හේතු විය.
බැබිලෝන් නගරය විස්තර කරන ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් එය සැතපුමි පණස් හයක් දිහ අශ්ව කරත්තයක් ධාවනය කළ හැකි පවුරකින් වටවූ බව කියයි.
වාණිජමය කටයුතු බහුල වූ බැබිලෝන් නගරයේ ගොඩනැගිලි ගඩොලින් තැණිනි. ඒවාට වර්ණවත් පිඟන් ගඩොල් අල්ලා තිබිණි. ඒ සැම ගඩොලකම නෙබුචාඩෙන්සා විසින් කරවන ලදයි මුද්‍රා තබා තිබිණි.
අඩි හයසිය පණහක් උස සිගුආරට් (ziggurat) සිද්ධස්ථානයේ තනි රනින් කළ කොතක් වීය. ඊට දකුණින් මාදුක් (Marduk) දෙවුයා වෙනුවෙන් කළ අති විශාල සිද්ධස්ථනයක් වීය. සිද්ධස්ථාන යාවන පරිද්දෙන් තැනූ නගරයේ පටු මං මාවත්වල ගඩොල් අතුරා තිබූ අතර නිතරම ජනාකීර්ණ විය.
නෙබුචාඩෙන්සාර් ඉදිකළ අද ලොව පුදුම අටෙන් එකක් ලෙස පිළිගන්නා බැබිලෝනියාවේ එල්ලෙන උයන නමි ලත් උද්‍යානය ඔහුගේ බිරිඳක් සඳහාය. එම උයනට වතුර ගෙන යාමට විශේෂ හයිඩ්‍රෝලික යන්ත්‍ර සාදා තිබූ අතර වහලුන් ඒවා ක්‍රියා කළහ.