සුමේරියානු භාෂාව
 

සුමේරියානු භාෂාව ලොව පැරණිම භාෂාවකි. එය දැනට හමුවී ඇති පැරණිම ලිඛිත භාෂාවයි. එය වෙනත් භාෂාවලට කිසිදු සමානත්වයක් දක්වයි. එහි ව්‍යාකරණ ලක්‍ෂණ ඉංග්‍රීසි හා යුරෝපීය භාෂා වලටද පැමිණ ඇතැයි සලකයි.

ඔවුන්ගේ භාෂාව උල් හැඩැති (cuneiform) සංකේත හා සංකේත සංයෝජනයෙන් ලියා ඇත.

කෙටි හා දිගු ස්වර අටක් සහිත වූ සුමේරියානු භාෂාවට බ, ඩ, ග, ඟ,හ, ක,ල,ම, න, ප,ර,ස,ෂ, ට හා z යනුවෙන් ගතකුරු 15 ක් බව කියවේ.





 


යුග තුනක් වූ සුමේරියානු රාජ්‍ය කාලයේ අවසාන භාගයේ එහි භාෂාව හා සාහිත්‍ය ඉතා දියුණු වූ බව පෙනේ. ඉන් කොටසක් රාජකීය ලේඛන වූ අතර, ආගම්ක හා වෛද්‍ය තොරතුද වීය.


රාජකීය ලේඛන විවිධ ප්‍රධාන හා ඔප්පු වූ අතර ඒවා මැටි පතුරු නොවන මාධ්‍ය මත ලියා තැබිණි.

ඊට අමතර දෙවියන් උදෙසා ගයන යාතිකා හා සංගීත ප්‍රස්ථාරද මේ අතර වන අතර, ලොව පැරණිම සංගීත ප්‍රස්ථාර ලෙස ඒවා සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017