මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මුලින්ම සඳහන් වන්නේ සුමේරියන් වරුන්ගේ නමයි. ඔවුන් ලේඛන කලාව සොයාගත් බව සැලකේ. ඔවුනගේ මුද්‍රා දැනට හමුවී ඇති පැරණිම මුද්රාය.
ප්‍රථම සුමේරියානු මුද්‍ර භාවිතා කළේ වෙළදුන් විසින් බව කියැවේ. ඔවුන් සංඛේත සහිත භාෂාවක් භාවිතා කළ අතර මැටි පුවරු වල යමි යමි කරුණු ලියා මුද්‍රා තැබීම කළ බව පෙනේ. ඊජිප්තුව හා සමකාලීනව ඔවුන්ගේ ලේඛන කලාව දියුණු වීය.
උරුක් නම් නගරය කේන්ද්‍ර කොටගත් සුමේරියන් වරු නාගරික ජීවිතයක් ගත කළ බව කැණීම් වලින් පෙනේ. ප්‍රධාන වශයෙන් සිද්ධස්ථාන හා නිවැසි ප්‍රදේශ වූ අතර සතුන් ඇති කිරීම, කෘෂිකර්මය හා මසුන් මැරීම හා ඉඳි වගාව ප්‍රධාන කර්මාන්ත විය.
කැටයම් කපන්නන්, මුද්‍රා සකසන්නන්, වඩුවන්, නාවික යාත්‍රා තනන්නන්, වලං තනන්නන් හා ඇඳුම් වියන්නන්ද සිටි අතර සමාජයේ කොටසක් ශ්‍රමය සපයා ආහාර ඊට ලැබෙන ආධාර වලින් ජීවත් වූහ. මොවුන් අසල් වැසි රටවල වාසීන් සමඟ වෙළදාම් කළ අතර මුහුදේ හා ගංඟා වල යාත්‍රා කළහ.
නගර ජීවිතය ක්‍රමවත් වූ අතර මැටි පතුරු වල සංකේත වලින් නොයෙකුත් විස්තර ලියා තැබූහ.
වර්ෂාව නිසා යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා පිටාර ගැලීම නිසා ඔවුන්ගේ ජීවිත වලට හා බව භෝග වලට මහත් කරදර වූ බව ලියා තිබේ.
එවන් සුමේරියානු කවියක්
EPIC OF GILGAMESH.
The rampant flood which no man can oppose,
Which shakes the heavens and causes earth to tremble,
In an appalling blanket folds mother and child,
Beats down the canebrake's full luxuriant greenery,
And drowns the harvest in its time of ripeness.
Rising waters, grievous to eyes of man,
All-powerful flood, which forces the embankments
And mows down mighty trees,
Frenzied storm, tearing all things in massed confusion
With it in hurling speed