ඇසිරියානුවෝ
 

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මුලින්ම සඳහන් වන්නේ ඇසිරියානුවන්ය. ඔවුන් විසින් භාවිතා කළ ආකේඩියානු භාෂාව හා සංකේතද , ලේඛන කලාවද, දේශපාලන ක්‍රමද බැබිලෝනියානුන් ලබාගත් අතර ග්‍රීසියට හා රෝමයට සංක්‍රමණය වී අද ලෝකයටද දායාද වී ඇත. ඇසිරියානුවනිගේ ලේඛන කලාව ඉතා ඉහල වූ අතර බැබිලෝනියානු මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ලේඛන කලාවට ඔවුන් දායාද කළ දේ බොහෝය.


අසුර් නම් නගරයේ පාලනය කළ ඇසිරියානුවෝ යුරෝපය හා පර්සියාවේද, මිසරය සමගද වෙළඳ සම්බන්ධතා ගොඩ නගා ගත්හ. නිනේවා මෙහි ප්‍රධාන නගරය වූ අතර එය ඉතා දියුණු වීය.


 

 

 

 

 

 


අසූර් උබල්ට් නම් පාලකයා ඇසිරියාව හා මිසර සඹඳතා ශක්තිමත් කළ අතර බැබිලෝනියාවේ රජුගේ දුව විවාහ කර ගණිමින් සාමයද රැකීය. යුද රථය ඔවුනගේ නිර්මාණයක් වන අතර ලෝහ භාවිතය ප්‍රගුණ කළහ. ඔවුන් යුදකාමීන් වූ අතර නව වෙළද මාර්ග සකසමින් මධ්‍ය යුරෝපයටද, ආසියාවටද පැමිණියහ.

ඔවුනගේ ප්‍රධාන දෙවියන් වූයේ නිනුටාය, එනම් යුදයට හා දඩයමට අධ්පතියාය. ආගමික සඹඳතා හෙයින් බැබිලෝනියාව සමඟ එතරම් යුද නොකළද ඇසිරියානුවෝ ආරමේනියානු ආක්‍රමණ වලට ලක්විණි. යුද ශිල්ප හා හමුදා පාලනයේ දක්‍ෂ වූ ඔවුන් පහසුවෙන්ම ආක්‍රමණික හමුදා පරාජය කළහ.


දක්‍ෂ පාලකයකු වූ අසුර්නසර්පාල් නම් රජු ඇසිරියානු අධිරාජ්‍යය ගොඩනැගූ අතර රාජ්‍ය සේවකයින් පුහුණුවට වෙනම ආයතනයක් පිහිටුවා තිබිණි. විශාල රාජමාලිගාවක් තිබුණු කල්කා නගරයේ ඇසිරියාවේ පාලකයා වූ අසුර්නසර්පාල් (Ashurnasirpal) රජු වාසය කළේය. ඔහුගේ මාලිගාව විවෘත කරණ උත්සවයට අමුත්තන් 69,754 කට සංග්‍රහ කළ බව ලියා තිබේ. ඔහුගේ මාලිගාව ආකාශ වස්තු පරීක්‍ෂණාගාරයක් ලෙසද භාචිතා වූ බව කියැවේ.





(c) Shilpa Sayura Foundation 2006-2017