ප්‍රථම වාක්‍ය අසම්භාව්‍ය ක්‍රියාවකට නංවා සංයෝජනය
 

වාක්‍ය දෙකක්‌ සංයෝජනයේදී ප්‍රථම වාක්‍යයේ අඛ්‍යාතය, අසම්භාව්‍ය ක්‍රියාවකට නංවා සංයෝජනය කළ හැකිය.

ගුරුතුමා අපට බණිනු ඇත.
එවිට අපි කරුණු කියමු.
ගුරුතුමා අපට බැන්නොත් අපි කරුණු කියමු.

ඔහු ගමට යයි.
එවිට හැමෝම ඔහු හමුවෙති.
ඔහු ගමට ගියොත් හැමෝ ඔහු හමුවෙති.

(c) Shilpa Sayura Foundation 2006-2017