මෙසපොතේමියුනු ශිෂ්ටාචාරයේ සමාජය කෘෂිකර්මයෙහි නිරතවූ අතර තිරිඟු සහ රතුලූනු, බාර්ලිද වගාකර ඇත. එළු, බැටළු ආදි සතුන් ද, ගවයා සහ ඔටුවා වැනි සතුන් ද ඇති කර තිබේ.
රටඉදි වගාව ද කළ බව පෙනේ. වෙළඳ කටයුතු උසස් තත්වයකින් තිබූ බවද, කිරුම් මිණුම් ක්‍රම භාවිතකළ බව පෙනේ. එකල කාසි ලෙස භාවිත කළේ එකම බර ප්‍රමාණයකින් යුත් රිදී ගුලිය. රජය විසින් බදු එක් රැස් කිරීම ද කරන ලද අතර වැසියන් ධාන්‍ය වර්ග ආදී භාණ්ඩ වලින් බදුගෙවන ලදී. මෙම බදු සිද්ධස්ථාන තුළ රැස්කර තබන ලදී.
මෙම ශිෂ්ටාචරයේ සමාජය ප්‍රධාන කොටස් තුනක් තිබූ බව පෙනේ.
ඉහළ පංතිය රජ පෙළපත, පූජක පංතිය ප්‍රභුන් ඇතුළත් කොටස විය.
මධ්‍යම පංතිය සාමාන්‍ය ජනතාව වූ අතර තෙවන කොටස වූයේ වහලුන් ය. මෙම වහලුන් වෙනත් ප්‍රදේශවලින් අල්ලාගන්නා ලද සිරකරුවෝ වූහ.
ආගමික කටයුතු අතින් දෙවිවරුන් ඇදහීම ඉතා උසස් ස්ථානයක් ගත් අතර පූජකවරුන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් විය. ඉර, සඳ ආදී ග්‍රහවස්තු වන්දනාමාන කළ බව පෙනේ. සතියේ දින හත නොයෙකුත් දෙවිවරුන්ගේ පුද පූජා සඳහා වෙන්විය. උදාහරණ ලෙස ඉරිදා දින ඉරු දෙවියාට ද සඳුඳා සඳ දෙවියන්ට ද වෙන්විය.
ලිලිත් දෙවඟන
"සිගුරාත්" නමින් හැඳින්වූ ස්ද්ධස්ථාන උස් භුමිවල පීඨිකාවක් මත තට්ටු කිහිපයක් සිටින සේ සාදා ඇති ගොඩනැගිලිය. මෙහි තට්ටු වෙන් වෙන් වශයෙන් තිබූ අතර මහල් කිහිපයකින් යුත් ගොඩනැගිල්ලෙහි මුදුනෙහි ප්‍රධාන පූජා මන්දිරය විය.
අප අදද භාවිතා කරන තත්පර, විනාඩි සහ පැය ආදි වේලාව දැක්වීමේ ක්‍රමය ප්‍රථමයෙන් ලොවට දායාද කළෝ බැබිලෝනියන් වරුන්ය. තාරකා විද්‍යාවේ හසල දැනුමක් ඇතිව සිටි ඔවුන්ට සූර්ය ග්‍රහණ මෙන්ම චන්ද්‍ර ග්‍රහණ කල්තියා දැනගැනීමේ හැකියාව ද වු බව පෙනේ.
ලෝකයේ පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ එයට නල මාර්ගයෙන් ජලය සපයා ඇති ආකාරය විශ්මය ජනකය. යුප්‍රටීස් ගඟ හරහා පාලමක් ද ඉදිකර තිබුණු අතර එය දැනට ලෝක ඉතිහාසයේ සඳහන් වන විශිෂ්ට කාර්යක් ලෙස සැලකේ.
උර් නාමු නම් රාජ්‍ය පාලකයා ඊ කුර් නම් දෙවියා වෙනුවෙන් කරවන ලද සිද්ධස්ථාන රාශියක් කැණීමෙන් මෙම වකවානුව පිළිබඳව පුරා විද්‍යාත්මක තොරතුරු සොයාගන ඇත.
ක්‍රි. පූ 5000 පමණ බිහිවූ මෙසපොතේමියානු ශිෂ්ක්‍ඨාචාර ගම්මාන වල 100-200 පමණ මිනිසුන් ජීවත් වූහ.