යුප්‍රටීස් සහ ටයිග්‍රිස් යන ගංඟා දෙක මැදිකරගෙන ඇති වූ මෙම ශිෂ්ටාචාරයට දෙගම් මැදි ශිෂ්ටාචාරය යයිද ව්‍යවහාර කෙරේ. පර්සියානු බොක්කට ගලා බසිනා මෙම ගංඟා ආරම්භ වන්නේ මධ්‍ය ආසියාවේ කඳු වැටි වලිනි. වර්තමාන ඉරාකයට අයත්වන මෙම ප්‍රදේශයේ ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3500 පමණ ඇතිවූ ඉතා උසස් ශිෂ්ටාචාරයකි.
ප්‍රථමයෙන් කුඩා ගම්මාන ලෙස ඇතිවුනු සුමේරියානු ජන කොටස් සිද්ධස්ථානයක් වටා එක් රැස්ව සිටියහ. පූජකයා ජන සමූහයේ ප්‍රධානියා වූ අතර වෙදකම්, මන්ත්‍ර ගුරුකමිද දැන සිටි අතරම දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකිණි.
යුප්‍රටීස් සහ ටයිග්‍රිස් යන ගංඟා නිතර පිටාර ගැලීම නිසා මෙම ප්‍රදේශ සරුසාර විය. එමෙන්ම වියළි දේශගුණික තත්වය යටතේ ගංඟා දෙපසින් ලබාගත් මැටි වලින් ඉතා අලංකාර මැටි භාණ්ඩ නිපද වූ අතර වියළාගත් ගඩොල් මැටි පුවරු ආදිය ද සාදාගත්හ. මෙම මැටි පුවරුවල ඔවුහු උල්හැඩයක් ඇති අක්ෂරවලින් නීතිය,වෛද්‍ය ක්‍රම, පාලකයන්ට අවශ්‍ය නීති ආදිය ලියා තැබූහ.
ගෝත්‍රික සටන් බහුල ප්‍රදේශයක් වූ මෙහි පාලනය විවිධ කාලවලදී විවිධ ගෝත්‍රික නායකයන් විසින් දරන ලදී. මෙහි සුමේරියන්වරු, ඇමොරයිට්වරු, හිටයිට්වරු, ඇසිරියන්වරු, චැල්ඩියන්වරු ආදි වශයෙන් විවිධ ගෝත්‍ර ගණනාවක් මෙම රාජ්‍ය පාලනය කළහ.
රෝදය සොයාගැනීම මෙකල්හි සිදුවිනි.
මේ එක් එක් පාලන කාලවල සිටි ශේ‍්‍රෂ්ඨ පාලකයන් විසින් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ වැදගත් කටයුතු ඉටුකරන ලද අතර ඔවුන් විසින් කරන ලද එම කටයුතු වල ශේෂයන් ගෙන් අද අපට ඔවුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
ප්‍රබල ඇමොරයිට් පාලකයෙකු වූ හමුරාබිගේ පාලන කාලයේ දී මෙම ශිෂ්ටාචාරය ඉතා උසස් තත්වයකට පත්වූ අතර ඔහු තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගත්තේ බැබිලෝනියාවයි.
එම නිසා මෙම ශිෂ්ටාචාරය බැබිලෝනියානු ශිෂ්ටාචාරය ලෙස ද හැඳින්වෙයි.
හමුරාමි රජ
යුද දර්ශනයක් සහිත චිත්‍රයක්