මුල පටන්ම චීන ජනතාව කෘෂිකර්මය පදනම් කරගත් ජීවන රටාවක් ගෙන ගිය අතර තිරිඟු, බාර්ලි, වී මෙන්ම අල බතල වර්ගද වගා කළහ.
චීනයේ සමාජය ස්ථර කිහිපයකට බෙදී තිබුණු අතර ඉහළ පංතිය රජවරු සහ උගත් පිරිස ගෙන් යුක්ත වීය. මධ්‍යම පංතිය ගොවි, කෘෂිකාර්මික සහ වෙළඳ කොටස් ද වූ අතර සමාජයේ පහත්ම කොටස යුද සෙබළුන් විය. ඔවුන් සමාජයේ විවිධ වැරදි සම්බන්ධව දඩුවම් ලැබූ අයගෙන් තෝරා ගත්තවුන් විය. මෙකල වහල් සේවයක් ද වු බව පෙනේ.
යුද සේනාවේ ඉහල තනතුරු රාජකීයන් විසින් ඉසිලූ අතර ඔවුන් යටතේ ප්‍රදේශීය යුද නායකයින් සිටියහ. ප්‍රාදේශීය යුද නායකයින් අධිරාජ්‍යයාට පක්‍ෂ වූහ.
හොරුන් මංකොල්ල කරුවන්ද කංඩායම් වශයෙන් සිටි අතර ඔවුන් වරින් වර ගම්මාන හා නගර කොල්ල කෑහ.
මලවුන් පිදීම ඔවුන් කරන ලද අතර මියගිය පුද්ගලයාගේ තරාතිරම අනුව පොළොව යට සෑදූ සොහොන් ගෙවල්වල මිනී තැන්පත් කරන ලදී.