චීනය විද්‍යාව සහ ගණිතය යන අංශයන්ගෙන් දියුණුවට පත්ව තිබූ අතර චන්ද්‍රමාස අනුව දින දර්ශනයක් ද පිළියෙල කළහ.
නාවිකයන් සඳහා දිශාව පෙන්වන මාලිමා යන්ත්‍ර ද නිපදවූහ. කඩදාසි, වෙඩිබෙහෙත් භාවිතය සහ මුල්ම මුද්‍රණ යන්ත්‍රය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ද ඔවුන්ටය. ආධ්‍යාත්මික ලක්ෂණ වලින් පූර්ණ චීන ආත්මාරක්ෂක සටන් කලාවද ඔවුන් ලොවට බිහිකළ මහඟු දායාදයකි.
වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ මතින් දියුණු වූ අතර බෙහෙත් පැළෑටි අනුසාරයෙන් නොයෙකුත් ඖෂධ නිපදවාගත් අතර නිල පිරිමැදීමෙන් ලෙඩ සුවකිරීමේ ක්‍රමය ද කටුචිකිත්සා ක්‍රමය ද ඔවුහු ලොවට දායාද කළහ.
යකඩ භාවිතය හා ලෝහ කාසි තැනීම පිළිබඳවද ඔවුන් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර ඒවා සමහරක් ඉතා කලාත්මක නිර්මාණ ද වේ.