චීනයේ වෙළදුන් පැරණි සේද මාර්ගය දිගේ මධ්‍යම ආසියාවටද, ඉන්දියාවටද ගිය අතර ඊජිප්තු, ග්‍රීක හා රෝම වෙළඳුන් සමග සබඳතාද ඇති කර ගත්හ. දූත පිරිස් යැවීමෙන් රාජ්‍ය සබඳතාද ඇතිකරගත්හ.
ඔවුහු අනුරාධපුර යුගයේදී ශ්‍රී ලංකාව සමගද සබඳතා පැවැත්වූ බවට සාක්‍ෂි තිබේ.
පැරණි සේද මාවත ඔස්සේ රෝමය දක්වා ඔවුන්ගේ භාණ්ඩ වෙළඳාම් කෙරුණි. මෙම සේද මාවත ඉන්දියාව, පර්සියාව හා සිරියාව ඔස්සේ රෝමය දක්වා වැටී තිබුණි. මුහුදු සේද මාවත ඉන්දියානු සාගරය අරාබි මුහුද ඔස්සේ අරාබිය දක්වා විය.