චීන ශිෂ්ටාචාරය හැඩ ගැහීමේලා කොන්ෆියුසියෂ් තුමාගේ ධර්මය ඉතා වැදගත්ය.
ඔහුගේ ප්‍රසිද්ධ කියමන වූයේ "කිසිවෙක් ඔබට කරනු ලබන ඔබ අකමැති නම් එය ඔබ අන් අයට නොකරන්න" යන්නයි.
කොන්ෆියුසියන් ධර්මය ප්‍රධාන කරුණු 5 ක් මත පදනම් විය. එනම් ත්‍යාගශීලිබව, නිහතමානිබව, වගකීම වෙනුවෙන් කැපවීම, අන්‍යයන් කෙරෙහි විශ්වාසය ඇතිකිරීම, වැඩිහිටියන්ට ගරුකිරීම යනාදිය ඒවාය.
මානව හිතවාදය ගරුකළ එතුමාගේ ඉගැන්වීම් චීනය පුරා පතළ වූ අතර රාජ්‍ය අනුග්රහයද ලැබිණි. එතුමාට ගෝලයන් බොහෝ සිටිය අතර ඔවුන් ආරාම සාදාගන ජනතාවට ඉගැන්වීමේ කටයුතු වල යෙදුනහ.