උක්තය සමානවද ආඛ්‍යාතය භින්නවද ඇති විට අවසාන ආඛ්‍යාතය තබාගෙන අන් ආඛ්‍යාත කෘදන්ත බවට හරවා වාක්‍ය සංයෝජනය කළ හැකිය.
ඇමතිතුමා ජනපති මන්දිරයට ගියේය.
ඇමතිතුමා ආරක්ෂකයන් හමුවූයේය.
ඇමතිතුමා ජනපති බැහැ දැක්කේය.
ඇමතිතුමා ජනපති මන්දිරයට ගොස් ආරක්ෂකයන් හමුවී ජනපති බැහැ දැක්කේය.
ජනපති මන්දිරයට ගිය ඇමතිතුමා ආරක්ෂකයන් හමුවී ජනපති බැහැ දැක්කේය.