හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරය බිහිවීම
 

චීනයේ ප්‍රධාන ගංඟා තුනෙන් එකක් වන හොවැංහෝ ආරම්භ වන්නේ ටිබෙට් කඳු ප්‍රදේශයෙනි. එතැන් සිට චීනය හරහා ගලා බසිමින් සැතපුම් 3000 ක් පමණ දුර ගෙවා පැසිෆික් සාගරයට ගලාබසී. ඨිබෙට් කඳු ප්‍රදේශයේ හිම දියවීමෙන් හොවැංහෝ ගඟට අතිරේක ජලය එකතු වී ගඟ අවුරුද්දකට වතාවක් පිටාර ගැලීම සිදු වෙයි. මේ නිසා හොවැංහෝ ගංඟාව 'චීනයේ ශෝකය' යන නමින් ද හඳුන්වනු ලබයි.

ආදි මානව වර්ගයක් වන පීකිං මිනිසා හමුවීමෙන් පසු පාෂාණ යුගයේ සිට චීනයේ මානවයන් ජීවත් වූ බවට සාක්ෂි ලැබී ඇත.


චීන නියෝලිතික යුගයේ නිමාවෙන් ඉතා උසස් මැටි හා ලෝකඩ භාණ්ඩ හමුවේ. ඒවා සමකාලීන නියෝලිතික යුග වලට වඩා සුමුදු බවින් හා නිර්මාණයෙන් උසස්ය.

චීනයේ මුල්ම ප්‍රාග් ඓතිහාසික රාජවංශය වන්නේ ෂියා වංශයයි. ඔවුන් ක්‍රි.පූ. 2000 කාලය තුල සිටි බව සැලකේ.  එම කාලයේ මැටි බඳුන් භාවිතා කරන ගොවිතැන් හා සතුන් ඇතිකිරීමත් කළ බව මූලාශ්‍ර පවසයි.


පැරණි චීනය ප්‍රධාන රාජ වංශ තුනක් යටතේ දියුණුව ලබා ඇත. ඒවා නම් ෂැංග් රාජවංශය, චෞ රාජවංශය සහ හැන් රාජවංශයයි.

ෂැංග් (Shang) පාලන කාලයේදී මැටි බඳුන් තැනීම, සේද රෙදි විවීම ආදී කර්මාන්ත කළ අතර ගොවිතැනින් සහ සතුන් ඇතිකිරීමෙන්ද ජීවත් වූහ.



 

 

 

 


ඉන්පසු ඔවුන් යටත් කරගත්තේ චෞ (Zhou) වංශිකයන් විසිනි. මේ කාලයේ හොවැංහෝ සිෂ්ටාචාරය ගොවිතැන වෙළඳ කටයුතු මෙන්ම දාර්ශනික අංශයෙන් ද දියුණුවට පත්විය. ඔවුන්ගේ ලේඛන කලාව රූපාක්ෂර ක්‍රමයක් මත පදනම් වීය. එ‍හෙයින් එය මුල් කාලයේ සිටම දියුණු වූ බව සිතිය හැක.

මෙකල සිටි අධිරාජ්‍යවරුන් යටතේ ප්‍රාන්ත පාලකයන් සිටි අතර බොහෝවිට ඔවුන් අධිරාජයාට පක්ෂපාති විය. චෞ රාජවංශයෙන් පසු බලයට පත්වූයේ ෂින් (Qin) රාජවංශයයි.

ෂින් රාජ වංශයේ වැදගත් පාලකයෙකු වූ ෂි-හූ-ඇංලේ-ති තම රාජ්‍යය දේශසීමා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන චීන මහා ප්‍රාකාරය ගොඩ නැංවීම ආරම්භ කළේය. ඔහුගේ කාලයේ කිරුම් මිණුම් ක්‍රම භාවිතා විය.

කඩදාසි නිපදවීම, සේද අපනයනය කිරීම, යකඩ භාවිතය මෙකල දැන සිටියහ. ශාක පල්පව වලින් කඩදාසි තැනීම මුලින්ම සොයාගත්තේ චීනයයි. එය ඔවුන්ගේ භාෂාව හා සාහිත්‍යද සීඝ්‍ර බුද්ධිමය සංවර්ධනයටද හේතු විය.


 

 

 

 

 

 

 

 

 

ෂින් රාජ වංශය එතරම් කාලයක් බලයේ නොසිටි අතර හැන් රාජවංශය ඉන් පසුව බලයට පත්වී චීනය මහත් අධිරාජ්‍යයක් බවට පත් කළේය. චීනයේ බුදු දහම පැතිර ගියේද ඔවුන්ගේ කාලයෙන් පසුවය.

 

 

 

 

 

 

 







(c) Shilpa Sayura Foundation 2006-2017