මෙය නූතන පකිස්ථානය සහ ඉන්දියාවට අයත් ඉන්දු ගංඟා නිම්නය ආශ්‍රිතව පැවති ශිෂ්ටාචාරයයි. ප්‍රධාන වශයෙන් මොහෙන්දජාරෝ සහ හරප්පා යන නගර දෙක මූලික කරගෙන නටඹුන් හමුවී ඇති නිසා මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය ලෙස ද හැඳින්වේ. කාබන් 14 කාල නිර්ණය අනුව මෙය ද ක්‍රි.පූ. 3000 තරම් ඈත කාල පරිච්ඡේදයකට අයත් යැයි සැලකේ. මොහෙන්දජාරෝ ඉන්දුග ඟ අසබඩ ද ඉන්දු ගඟේ අතු ගංඟාවක් වන රාවි නදිය අසල හරප්පා ද පිහිටා ඇත. මෙම ශිෂ්ටාචාරයට සම්බන්ධ නැව් තොටුපල වශයෙන් සැලකෙන්නේ ලෝතාල්ය.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සලකා බැලූ විට නාගරික ජීවිතයකට උරුමකම් කියූ ලක්ෂණ බොහෝ හඳුනාගත හැකිය. නගර සැලසුම ඉතා විධිමත්ව තනා තිබූ අතර නගරයේ සෑම අතටම දිවෙන ඍු මහා මාර්ග මෙන්ම ඍුකෝණාස්‍රාකාර මංසන්ධි ද හඳුනාගත හැකිය. මෙම මංසන්ධි ආසන්නයේ ඇති ගොඩනැගිලිවල මංසන්ධියට යොමු වී ඇති පෙදෙස කවාකාරව ගොඩනඟා ඇති ආකාරයක් ද දක්නට ඇත. මෙයින් පෙනී යන්නේ එම ගොඩනැගිලිවල පියස්ස කරත්ත වැනි දේවල ගැටීමෙන් වලකා ගැනීම විය හැකිය.
නාගරික ජීවිතයට හිමිකම් කියූ මෙම මිනිසුන් ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකළ බව පෙනේ. මාර්ග දෙපස ඇති ජලය බැසයාමේ කාණු පද්ධති මෙන්ම දැනට සොයාගෙන ඇති අති විශාල නාන තටාකාංගනය සහ එහි ජලය බැසයාමේ විධි අනුව ඔවුන්ගේ සැපවත් ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිවේ.
ඔවුන්ගේ අක්ෂර කලාවක් පිළිබඳ තොරතුරු හෙළි නොවෙතත් නොයෙකුත් රූප සටහන් සහිත මුද්‍රා රාශියක් හමුවී ඇත. මේවායේ ඇති රූ සටහන් අනුව ඔවුන්ගේ ජීවිතය සහ ආගමික විශ්වාස පිළිබඳව තොරතුරු දැක්වීමට විද්වත්හු උත්සාහ කරති.
නාගරික ජනතාවට අවශ්‍ය ආහාර අවට ගම්වලින් සැපයෙන්නට ඇත. තිරිඟු, බාර්ලි, රට ඉඳි මෙන්ම කපුද වගාකළ බව පෙනේ. කපුකැටීමේ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ලැබීමෙන් පෙනෙන්නේ එම වෘත්තීයේ නියුතු අය මෙන්ම කපුපිළි භාවිතා කළ අය සිටි බවය.
මෙම ශිෂ්ටාචාරයේ කාන්තාවන්ට ඉතා උසස් සමාජ තත්වයක් තිබූ බව පෙනේ. මෙහි තිබී හමුවූ මුද්‍රාවල මවු දෙවඟන පිදීමේ සංකල්පය පැවති බව පෙනේ. කාන්තාව සශ්‍රීකත්වයේ සංකේතය ලෙස දැක් වූ බවත් කාන්තාවන් සඳහා ඇත්දත් පනා, ලෝකඩ කණ්ණාඩි මෙන්ම විවිධ ආභරණ භාවිත කර තිබේ. ඔවුන් පැළැදි බව පෙනේ. එමෙන්ම විවිධ ගල් වර්ග වලින් තැනූ ආභරණ, පබළු නිර්මාණය ද කළහ.
පසුකාලීන ඉන්දියානු දෙවිවරුන්ගේ පසුබිම මෙකල නිර්මාණය වන්නට ඇතැයි සැලකේ දෙවඟනන් පිදීම පසුකාලීන කාලිමාතාව පිදීමටත් ත්‍රිශුලයක් අතින්ගෙන සතුන් පිරිවරා සිටින මුද්‍රාව අනුව එය පසුකාලීන ශිව දෙවියන්ටත් ආරෝපණය වූ බව පෙනේ. සත්ව වන්දනාවද මෙකල ප්‍රචලිත වු බව පෙනේ. විශේෂයෙන් අර්ධ ගව සහ මිනිස් රූප සහිත රූපද හමු වීමෙන් පෙනෙන්නේ පසුකාලීන ඉන්දියානු ආගමික මත වලට මෙහි බලපෑම අති වූ බවයි.
විවිධ වර්ගයේ අවි ආයුධ රැසක් ද මෙම ප්‍රදේශයෙන් හමුවී ඇත. මෙනිසා ඔවුන් ආරක්ෂාව ගැන ද සැලකිලිමත් වන්නට ඇත. සුමේරියාවේද තිබී හරප්පා ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා කිහිපයක් හමු වී ඇත. එනිසා මෙම ශිෂ්ටාචාර අතර සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
විවේකය සඳහා ඔවුන් විවිධ ක්‍රීඩාවල යෙදී සිටි බව පෙනේ. දාදු ක්‍රීඩා වැනි දේද, ළමුන් සඳහා මැටියෙන් තැනූ බෝල වැනි ක්‍රීඩා භාණ්ඩ හමුවීමෙන් පෙනෙන්නේ ඔවුන් ඉතා විවේකී සැපවත් ජීවිතයක් ගතකළ ජනකොටසක් ලෙසිනි.