හැම ලක්‍ෂණයක් ම ආවේණික නොවේ. පරිසරය, ව්‍යායාමය් හා ආහාර අනූවද ලක්‍ෂණ වෙනස් වේ. කෙනෙකුගෙ උස ද බුද්ධි මට්‌ටම ද කෙරෙහි ආවේණිය බලපායි. උස දෙමව්පියන්ට උස් දරුවන්ද ලැබේ. ඒ සමගම තමා ගන්නා ආහාර, පරිසරය, අධ්‍යාපනය හා ව්‍යායාම ද ඉහත ලක්‍ෂණ කෙරෙහි බල පෑමක් අති කරයි. ව්‍යාම නිසා කෙනෙකුගේ මාංශපේශී මෙන්ම පෙනහැළි ධාරිතාවය ද වැඩි කර ගැනීමට පුළුවන. ක්‍රිඩකයන්ගේ පෙනහැළි ධාරිතාව ද වැඩිය. යකඩ තැලීම, ගල් කැඩීම වැනි වැඩවල යෙදෙන අයගේ දෑතේ මාංශපේශී වර්ධනය වේ. තවද විෂ වර්ග හා විකිරණ ශරීරගත වීම සහ ආසාධනවලට භාජන වීම ආදිය ද කෙනෙකුගේ ලක්‍ෂණ වෙනස් කිරීමට හේතු වේ.