පරිසර ස්වභාවය
 

භූගෝලීය ලක්ෂණ, දේශගුණික ලක්ෂණ, සම්පත් වැනි සියල්ල පරිසරය ලෙස හැඳින්වේ. මෙම පරිසර ලක්ෂණ ඉල්ලුම කෙරෙහි ඇති කරන බලපෑම් කිහිපයක් පහත දැක්වේ.

ශීත රටවල මෙන් ම උෂ්ණ රටවල ජීවත්වන මිනිසුන් ද පාවහන් හා කබා භාවිත කළ ද ඒවායේ දැකිය හැකි විවිධත් ව පවතී. උණුසුම් දේශගුණික රටවල භාවිත කෙරෙන පාවහන් ශීත රටවල භාවිතයට උචිත නොවෙයි. එහෙයින් දේශගුණික තත්ත්ව මත කෙරෙන නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් ඇති වේ.


කඳු ප්‍රදේශ සඳහා නිෂ්පාදනය වන වාහන ඊට ගැළපෙන ලෙස නිමැවී තිබීම ඒවා කෙරෙහි එවැනි පරිසරයට වෙසෙන මිනිසුන්ගේ වැඩි ඉල්ලුමට හේතු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017