දෝෂවල ස්වභාවය පිරික්සීමේ දී සමහර දෝෂ ධන (+) බලපෑමක් ද, තවත් දෝෂ සෘණ (-) බලපෑමක් ද සිදු කරන බව නිරීක්ෂණය කළ හැකි ය. එසේ ධන බලපෑම්වල එකතුව සහ සෘණ බලපෑම්වල එකතුව සමාන වන අවස්ථාවක දී දෝෂ එකිනෙක තුලනය වී එම මැනුම සඳහා අවසාන දෝෂය ශුන්‍ය තත්ත්වයට පත් වේ. මෙවැනි දෝෂ හානි පූර්ණ දෝෂ නම් වේ. එසේ නමුත් අවසාන දෝෂය සැම විට ම ශුන්‍ය වන්නේ නැත. එසේ වන අවස්ථාවල දී එම දෝෂය හඳුනා ගෙන, එහි බලපෑම අවම වන ලෙස පූර්වෝපායයන් යෙදිය යුතු ය.
උදාහරණයක් ලෙස : පළමු මැනුම් රේඛාවේ දෝෂය + 2cm ද, දෙවන මැනුම් රේඛාවේ දෝෂය - 3cm ද සහ තෙවන මැනුම් රේඛාවේ දෝෂය + 3cm ද වන විට අවසාන දෝෂය වන්නේ +2cm ද (+2 - 3+ 3) කි. මෙවන් දෝෂ ඇති වීම වැළැක්වීමට යොදන ක්‍රමය වන්නේ යම් අවස්ථාවක දී ධන දෝෂයක් ඇති වේ නම් එය සෘණ දෝෂයක් මගින් තුලනය වන ආකාරයට මැනීමේ ක්‍රියාවලිය සිදු කිරීමයි.