සමග්‍රහ, අවග්‍රහ හා විශමග්‍රහ
  මෙම අවස්‌තාවන් හමුවන්නේ ගායනයක්‌ ආරම්භ කරන අවස්‌තාවේදී. ගායනයක්‌ හෝ වාදනයක්‌ ආරම්භවන ආකාර තුනකි.

1. සමග්‍රහ
සමග්‍රහ ආකාරය ලෙස හැදින්වෙන්නේ ගායනය හෝ වාදනය ආරම්භවන අවස්‌තාව තාල රූපයේ පලමු මාත්‍රාව මත පිහිටීමයි. මෙය ඉංග්‍රීසියෙන් ON THE BEAT  ලෙස හැදින්වේ.



 
 
2. අවග්‍රහ
අවග්‍රහ අවස්‌තාවේදී ගායනය හෝ වාදනය ආරම්භ වන්නේ මුල් මාත්‍රාව අතහැර දෙවන මාත්‍රාවේදීය. මෙය ඉංග්‍රීසියෙන් OFF THE BEAT ලෙස හැදින්වේ.






3.විශමග්‍රහ
ගායනයේ හෝ වාදනයේ තිත වාදනයට පෙර හෝ, තාල රූපයේ අවසාන මාත්‍රාවෙන් පටන් ගන්නා අවස්‌තාවන් විශමග්‍රහ නම් වේ.



(c) Shilpa Sayura Foundation 2006-2017