අවතල දර්පණ පරාවර්තනය
 
අවතල (Concave Mirrors) දර්පණ මඟින් ප්‍රථිබිම්බ වර්ග දෙකක් ලබා ගත හැක. ඉන් එක් ප්‍රථිබිම්බයකට අතාත්වික, උඩුකුරැ හා විශාලිත යන ලක්ෂණ ඇත.
 

අනෙක් ප්‍රථිබිම්බයට තාත්වික (Real), යටිකුරැ (Inverted) , (වස්තුවට (Object) වඩා කුඩා (ඌනිත),වස්තුවට සමාන හෝ වස්තුවට වඩා විශාල) ප්‍රථිබිම්බයක් ඇත.
පහත දැක්වෙන රෑපයේ (f) යනු නාභිය දුර වන අතර (r) යනු වක්‍රතා කෙන්ද්‍රයයි.
අවතල කාචය ඉදිරියේ යම් වස්තුවක් වක්‍රතා කේන්ද්‍රය්‍ේ,වක්‍රතා කේන්ද්‍රයට ඉදිරීයෙන් හා පිටුපසින්, නාභිය ලක්ෂ්‍යයේ (Focal Length) , නාභිය ලක්ෂ්‍යයට ඉදිරියෙන් හා පිටු පසින් තබා නිරීක්ෂණය කරන්න.
 
එවිට එම විවිධ අවස්ථි වලදී විවිධ ලක්ෂණ ඇති ප්‍රතිබිම්බ දැක ගත හැකිවේ.
 
මෙම දර්පණ වර්ගයද අප එදිනෙදා ජීවිතයේදී බොහෝ අවස්ථා වලදී ප්‍රයෝජනයට ගනී.
 
රැවුල කැපීමේ දී භාවිතා කරන දර්පණ (Shaving Mirrors) සදහා භාවිතා කරන්නේ අවතල දර්පණයි.
 
තවද දන්ත වෛද්‍යයවරැන් මුඛ පරීක්ෂාවට, හා විදුලි පන්දම් වල ඉදිරි මුහුණත සදහා ද යොදා ගන්නේ මෙම මෙම අවතල දර්පණයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017