මත් යනු මාත්‍රා යන්නට සමාන පදයකි. යම් ගායනයක හෝ වාදනයක යෙදෙන ලඝු ගුරු අක්‍ෂර අනුව එක පාදයක් සඳහා යෙදෙන මුළු මාත්‍රා සංඛ්‍යව සදැස් මත් නම් වේ. එම පදය ගායනා කිරීමේදී එයට අදාල වන මුළු මාත්‍රා සංඛ්‍යව ගී මත් නම් වේ. සමහර අවස්‌තාවලදී සදැස් මාත්‍රා ගණන හා ගී මාත්‍රා ගණනින් එක සමාන වේ. සමහර අවස්‌තාවන් හීදී සදැස් මාත්‍රා ගණනට වඩා ගී මාත්‍රා ගණන වැඩිවේ. පහත උදාහරණ මගින් මෙය පැහැදිලි කරගන්න.

ඉහත උදාහරණයේදී සදැස් මත් ගණන 16 ක් වන අතර ගී මත් ගණනත් 16ක් වේ. සදැස් මත් ගණනය කරනු ලැබුවේ එම පදයට අදාල ලඝු ගුරු අක්‍ෂර ගණන අනුවය. ඒ අනුව ඉරි කැබැලි 10 කුත් උඩුකුරු අර්ධ කවයන් 3 කුත් හමුවේ. මෙහිදී උඩුකුරු අර්ධ කවයන් හෙවත් ගුරු අක්‍ෂර 3 ට මාත්‍රා 6ක් අයත් වේ. ඉරි කැබලි 10 හෙවත් ලඝු අක්‍ෂර 10 ට මාත්‍රා 10ක් හිමිය. මේ අනුව මුලු සදැස්‌මත් ගණන 16කි.
ගී මත් ගණන ගණනය කරන්නේ ඉහත ප්‍රස්‌තාරයේ ඉහලින් දක්‌වා ඇති 1 හා 2 අංක යෙදී ඇති වාර ගණන අනුවය. ඒ අනුව ඉහත කවි පදයට අදාල ගී මත් සංඛ්‍යවද 16 කි.

ඉහත උදාහරණයේදී සදැස් මත් ගණන 16 ක් වන අතර ගී මත් ගණන් 24ක් වේ. පළමු උදාහරණයේ සඳහන් කල පරිද්දෙන් සදැස් මත් ගණනත් ගී මත් ගණනත් ගණනය කර බලන්න. ඔබට පිලිවෙලින් 16 හා 24 අගයන් ලැබෙනු ඇත. සදැස් මත් ගණනයට වඩා ගී මත් ගණන වැඩිවීමට හේතුව ගීතය ගායනයේදී පද ඇදෙන කාලය වැඩි අගයක් ගත් බැවිනි.