ලඝු අක්‍ෂර
මුවින් එකවැර උච්චාරණය කල හැකි, නො ඇදෙන කෙටි අකුරු ලඝු අක්‍ෂර වේ. මෙම ලඝු අක්‍ෂරයට අයත් මාත්‍රා ගණනින් 1 කි. ලඝු අක්‍ෂරක් දැක්‌වීමට භාවිතා කරන සංකේත අක්‍ෂරය වන්නේ ඉරි කැබැල්ලකි( - ) .
උදාහරණ : ර, බ, ක, කි, කො, ජෙ, දෙ
ගුරු අක්‍ෂර
ගුරු අක්‍ෂරයක් යනු ඇදෙන අක්‍ෂරයක් නොහොත් දීර්ඝ අක්‍ෂරයන්ය. මෙම ගුරු අක්‍ෂරයක් උච්චාරණය කිරීමට ලඝු අක්‍ෂරක් උච්චාරණය කිරීමට ගතවෙන කාලය මෙන් දෙගුනයක් ගතවේ. එම නිසා ගුරු අක්‍ෂරයකට හිමි මාත්‍රා ගණනින් 2කි. ගුරු අක්‍ෂරයක් හැදින්වීමට යොදාගන්නා සංකේත අක්‍ෂරය උඩුකුරු අඩ කවයකි.
මෙම ගුරු අක්‍ෂරන් ප්‍රබේද දෙකකි.
ස්‌වරාන්ත ගුරු අක්‍ෂර
ස්‌වරාන්ත ගුරු අක්‍ෂර යනු ඇදෙන දීර්ඝ තනි අක්‍ෂරයන් ය.
උදාහරණ : කෝ, දෝ, නා, තා, තී, රූ
හලන්ත ගුරු අක්‍ෂර
හලන්ත ගුරු අක්‍ෂර යනු මාත්‍රා 2ක් සහිත හල් අකුරින් අවසන් වෙන අක්‍ෂරය. හල් කිරිම් සහිත අකුරු තනිව ශබ්ද කල නොහැක. හැම විටම හල් අකුරට ප්‍රථම ලඝු අක්‍ෂරයක් යෙදේ. මෙවැනි අක්‍ෂර හලන්ත අක්‍ෂර ලෙස හැදින්වේ.
උදාහරණ : මල් , තම්, තෙන්, දොම්
පහත දැක්‌වෙන්නේ ලඝු ගුරු අක්‍ෂර වෙන් කොට පෙන්වන කවියක පද පෙලියකි. අකුරු වලට පහලින් දැක්‌වෙන්නෙ ඒ අක්‍ෂරයන් පෙන්වීමට යොදාගන්නා සංකේතයයි. ඔබ දන්නා කවියක් බෙර පදයක් හෝ වචන පෙලක් මේ අයුරින් සංකේත ගත කොට ප්‍රායෝගික පුහුණුව දියුණු කර ගන්න.

ප්ලූත
අපට සමහර අවස්‌තාවලදී මාත්‍රා තුනක් යෙදෙන අක්‍ෂර එක්‌ව ශබ්ද කිරීමට සිදුවේ. එවැනි අක්‍ෂර ප්ලූත අක්‍ෂර ලෙස හැදින් වේ. යටිකුරු කරන ලද සඟල වරහනක සංකේතය ප්ලූතයක් ගෙනහැර පෑමට දක්‌වන සංකේතයයි.
උදාහරණ : ස්‌වස් , දෝම්, අක්‍ෂ්
ලඝු ගුරු හා ප්ලූත අක්‍ෂර සංකේතාත්මක අයුරින් දක්‌වන ආකාරය පහත නිදසුන් බලා අවබෝධ කරගන්න.