ප්‍රස්‌තාර කිරීම යනු යම් දත්ත ප්‍රමාණයක් ඉතා පැහැදිලිව දැක්‌වීමට යොදාගන්නා රූපානුකූල නොඑසේ නම් චිත්‍රාණූකූල සටහනකි.ප්‍රස්‌තාර කිරීම මගින් එම දත්ත හෝ තොරතුරු ලබා ගන්නාට, එම තොරතුරු පැහැදිලිව හා නිරවුල්ව අවබෝධ කරගත හැකිය.විවිධ විශයයන්ට අනුකූල විවිධ ප්‍රස්‌තාර ගත කිරීම් අපට හමුවේ.
නර්තනය විශෙයෙහි ලා අපට විශේෂිත වූ ප්‍රස්‌ථාර ක්‍රමයක් හමුවේ. නර්තනයේදී අපට ප්‍රස්‌ථාර ගත කිරීමට සිදුවන්නේ, ගායනා , කවි, වන්නම්, බෙරපද ආදියයි. මෙකී අංග ප්‍රස්‌ථාර ගත කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම තොරතුරු ලබාගන්නාට තාලය, මාත්‍රා, තිත්, වාදන විලාසය නාද රටාව නිසි අයුරින් අවබෝධ වනු පිනිසය.
සංගීත විශයේදී ස්‌වර ප්‍රස්‌ථාර ක්‍රමය භාවිතා කරන අතර නර්තන විශයේදී අප භාවිතා කරන ප්‍රස්‌තාර ක්‍රමය පද ප්‍රස්‌ථර ක්‍රමය වේ. ස්‌වර ප්‍රස්‌තාරයක් මගින් යම් ගීතයක හෝ වාදනයක මුල් ස්‌වරූපය, එම ප්‍රස්‌ථාරය කිනම් කලෙක භාවිතයට ගත්තත් නොනැසී පවතී. ගැමි ගී, ශාන්තිකර්ම ගී ආදී දේශිය ගායන වාදන සම්ප්‍රදායංහී ස්‌වර ප්‍රස්‌ථාර ක්‍රමයක් භාවිතයේ නොපවතී. ඒ අනුව මෙකී සම්ප්‍රදායන් හී ශිල්පීන්ට නිදහස් අයුරින් එම නාද මාලා තනු භාවිත කිරීමේ හැකියව ඇත.
ඔබ මීලඟට ඉගෙනගන්නා තාල රූපයන් ප්‍රස්‌ථාර මගින් නර්තනය විශය ආශ්‍රිත ප්‍රස්‌ථාර පිලිබදව ප්‍රායොගිකව අවබොධ කරගත හැක.