තාල රූපයක මූලික අංග පහ
  තාල රූපයක්‌ නිර්මාණය වීමට මූලික අංග පහක්‌ සම්පූර්ණ විය යුතුය.පහත දැක්වෙන්නේ එම අංගයන්ය.
1.ආඝාත
ආඝාත යන්නෙන් හදුන් වනු ලබන්නේ, යම් තාලයක්‌ ප්‍රකාශ කරන්නෙ තිතක්‌ ලෙසය.මේ තිත ආඝාත නම් වේ. තාලය ප්‍රකාශ කිරීම ආඝාත නම් වේ.
2. ජාති
අපට භෞතිකව දක්‌නට ලැබෙන ඇසෙන සෑම තාලයක්‌ම , මාත්‍රා 2ක්‌ එක්‌වීමෙන් අර්ධ චතුරස්‍ර 3ක්‌ එක්‌වීමෙන් ත්‍රිස්‍ර හෝ 4ක්‌ එක්‌වීමෙන් චතුරස්‍ර  යන ජාති ලක්‍ෂනයකින් සමංවිතය. මෙම ත්‍රිත්ව ජාති ලක්‍ෂණයන් තනිව හෝ කිහිපයක්‌ එක්‌ව හෝ ඇතිව තාල රූපයක්‌ උපදී.
3.ගති
ගායනයක වාදනයක හෝ නර්තනයක ගමන් රටාව යම් කෙනෙකු නිරායාස පෙලඹවීමකට පත් කරයි.එම පෙලඹවීම ගති ලක්‍ෂණය නම් වේ.
4.මිති
මිති යනු යම් තාල රූපයකට අයත් මාත්‍රා ගණනයි.
5. ලය
ලය යනු යම් තාල රූපයක්‌ ගමන් ගන්න වේගයයි. වේගය අනුව මෙය කොටස්‌ තුනකි, විලම්බ, මධ්‍ය හා දෘත යනු ලය ප්‍රබේද තුනයි.
ඉහත කී කාරනා 5 සම්පූර්ණ වූ කල තාල රූපයක්‌ නිර්මාණය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017