තාල හැදින්වීම
  යම්කිසි ගායනයක්‌ කිරිමේදී වාදනයකදී නොඑසේනම් නර්තනයකදී, අපි තාල තැබීම සදහා අත් තැලීම පාදයෙන් පොලොවට තැලීම කරන්නෙමු. එහෙයින් තාල යන්න තැලීම ලෙස අරුත් ගැන්විය හැක. තාලය දැක්‌වීම ලෙස අප කරන්නෙ ගායනයක්‌ වාදනයක්‌ හෝ රංගනයක්‌ යන රටාව පෙන්වීමයි. මෙය මාත්‍රා තැබිම ලෙස හදුන්වනු ලබයි.
 
මාත්‍රාව යනු තාලය මනින මිනුම් දණ්‌ඩක්‌ ලෙස දැක්‌විය හැකිය. යම් වචනයක්‌ කියා දැක්‌වීමට ගතවන කාලය මාත්‍රයකි. මෙය ඉතා සුලු කාල පරාසයක්‌ තුල සිදුවේ (ඇසි පිය හෙලන මොහොතක්‌ ).
(c) Shilpa Sayura Foundation 2006-2017