අප රටේ විසූ ශ්‍රේෂ්ඨ නර්තන ශිල්පියෙක් වූ ආචාර්ය එස් පණීභාරත මහතා කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අල්ගම නර්තන පරපුරට අයත් වාදක, මූද්‍ර නාට්‍ය, චිත්‍ර හා උඩරට නර්තන කලාවේ ප්‍රවීණයෙකි. එමෙන් ම කථක්, කථකාලි, භරත, මණිපුරි, වැනි ඉන්දියානු නර්තන කලාවන් පිළිබඳව මනා පලපුරුද්දක් ඇත්තෙකි.
ලලිත කලායතනයේ ආරම්භක ප්‍රධානීයා මෙන්ම එම ආයතනය විශ්ව විද්‍යාලයක් ලෙසට උසස් කරන ලද්දේද මෙතුමා ය. දේශීය මූද්‍රා නාට්‍ය මෙරට බිහි කිරීමට පුරෝගාමීයෙකු වු මෙතුමා හත් පත්තිනි, ග්‍රහ අපලය, දිට්‌ඨ මංගලිකා, ගම්මානෙ මල් පිපිලා, වැනි මූද්‍ර නාට්‍ය නිර්මාණය කර ඇත.කලාශුරී, කලා භුෂණ සම්මාන මෙතුමාගේ සේවාවාන් අගය කිරීමක් වශයෙන් පුදන ලදී.