උත්තල දර්පණ පරාවර්තනය
 

ආලෝක තරංග පරාවර්තනය පිළිබඳව විමසා බලන විට උත්තල (Convex Mirrors) හා අවතල (Concave Mirrors) දර්පණ මඟින් සිදුවන පාරාවර්තනය විශේෂ හා ප්‍රයෝජනවත් දෙයක්වේ.


අප ප්‍රතමයෙන් උත්තල (Convex Mirrors) දර්පණයක සිදුවන පරාවර්තනය විමසා බලමු.

 

උත්තල දර්පණයක ඇති ලක්ෂණ දැන ගැනීමට උත්තල දර්පණයකින් ඔබේ මුහූණ හෝ යම් වස්තුවක් බලන්න, එවිට එයින් ලැබේන ප්‍රථිබිම්බය ඔබේ මුහුණට හෝ වස්තුවට වඩා කුඩා හා උඩුකුරැ බව ඔබට පෙනේ.
 
එනම් උත්තල දර්පයකින් ලැබෙන ප්‍රථිබිම්බය වස්තුවට වඩා කුඩා (ඌනිති [Diminished]) හා උඩුකුරැවේ.
 
තවද උත්තල දර්පණයක් මඟින් ලැබෙන ප්‍රථිබිම්බය තිරයක් මතට ගත නොහැක. එනම් එම ප්‍රථිබිම්බය අතාත්වික (Virtual) ප්‍රථිබිම්බයකි.

පහත රෑපයෙන් එය ත්‍රිමානව දැක ගත හැක.


උත්තල දර්පණයේ ඇති මෙම විවිශේෂ ලක්ෂණය වාහන වල පැති කන්නාඩි සදහා භාවිතා කරයි.

 

තවද වාහන යට පරීක්ෂා කිරීමට පොලිස් නිළධාරීන්ද මෙම උත්තල දර්පණ භාවිතා කරයි.

 


 

(c) Shilpa Sayura Foundation 2006-2017