රංගන විලාසය හා ඉදිරිපත් කිරීම
  අනෙකුත් සියලූ ගැමි නාටක හා නැටුම් මෙන්ම කෝළම් නාටක රඟ දැක්‌වීම කෙරෙනුයේ හුදෙක්‌ විනෝදාස්‌වාදය අරමුණු කොට ගනිමිනි. සොකරී නාටකය මෙන්ම මෙම කෝලම් නාටකය සඳහා වෙන රංග භූමියද එලිමහනක (කමතක) රඟ දක්‌වන්නකි. මේ හේතුවෙන් රංගන ශිල්පීන් හා ප්‍රේක්‍ෂකයන් අතර මනා සබඳතාවයක්‌ ගොඩ නැගේ.

කෝළම් නාටක තුල පහටරට නැටුම් සම්ප්‍රාදයේ එන ශාන්තිකර්ම වල අභාෂය හොදින් දැක ගත හැකිවේ. නර්තන අංග මෙන්ම ගායනාද පහටරට ශාන්තිකර්මයන්ට අනුකූල ඒවාය. මෙම ගැමි නාටකයේ එක්‌ විශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ චරිත සබයට ඒමට ප්‍රථම එම චරිතය පිලිඹද පූර්ව හැදින්වීමක්‌ සහිත කවියක්‌ පසුබිමෙන් ගායනය වීමය.

(c) Shilpa Sayura Foundation 2006-2017