කෝලම් නාටක ගලායන අයුරු හා විශේෂ ලක්‍ෂණ
 

කෝලම් නැටුම් සංදර්ශනයක්‌ ආරම්භ වන්නේ ත්‍රිවිධ රත්නය සඳහා පහන් දල්වා, මඟුල් බෙර වාදනය කොට මල් යහන ඉදිරියේ ස්‌තෝත්‍ර ගායනයෙන් හා නර්තන දක්‌වා පූජෝපහාර කිරීමෙනි. ඉන්පසු කෝලම් චරිත සභාවට පැමිණේ. කෝලම් චරිත වේදිකාවට ඒමේ අනුපිළිවෙළ එක්‌ පළාතකින් තවත් පළාතකට වෙනස්‌ වේ.
 * සබේ විදානේ
 * අණබෙර කෝලම
 * හේවා කෝලම
 * පොලිස්‌ කෝලම
 * ආරච්චි කෝලම
 * පේඩිරාල හෙවත් ජසකෝලම
 * ලෙංචිනා
 * මුදලි කෝලම
 
 ඉන් අනතුරුව කරපිට කෝලම, සිංහ කෝලම, රාක්‌ෂ නැටුම යනාදී අංග ඉදිරිපත් කෙරේ.
 මුලින් වේදිකාවට එන සියලු දෙනාගේම පැමිණීමේ මූලික අරමුණ වන්නේ තානායම් පොළ නැතහොත්, රංග මණ්‌ඩපය සකස්‌ කිරීමේ කටයුතුයි. විවිධ චරිත රංගනයේ යෙදුණත් ඔවුන් වරින්වර එන්නේ තානායම් පොළ සකස්‌ කිරීමටයි.

(c) Shilpa Sayura Foundation 2006-2017