කෝලම් නාටකයක් පැවැත්වීමේදි එම නාටකය පැවැත්වෙන රංග භූමියට රජතුමා සහ බිසව පැමිණෙයි. එම නාටකය ඉදිරිපත් කරනුයේ ඔවුනට නැරඹීමටය. මෙසේ රජ පවුල වෙනුවෙන් ඔවුනට නැරඹීමට පවත් වන කෝලම් නාටකවල උප්පත්ති කතාවයි මේ.
මහා සම්මත රජුගේ අග බිසවට කෝලම් නැටුමක් බැලීමට දොළක් පහල විය. මේ බව දත් රජු රටේ ප්‍රසිද්ධ නර්තන ඇදුරන් ගෙනවුත් විවිධ නැටුම් ඉදිරිපත් කලත් බිසවගෙ සිතැගි පරිදි ආශාව සංසිදුවීමට නොහැකි විය. මේ බව දුටු සක් දෙවියන් විසින් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ගෙන්වා බිසවගෙ දොළ සංසිදු වීමට කෝලම් නාටකයක් නිර්මාණය කරන ලෙස දැන්වූහ. මේ අනුව විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් විවිධ වෙස්‌මුහුණු වර්ග නිර්මාණය කොට එම වෙස් මුහුණු පළදා රංගනයේ යෙදිය යුතු අයුරු පතක ලියා රජ මාලිගයේ උයනේ තබා ගියේය. මෙම පත් කොළයේ සඳහන් අයුරින් වෙස් මුහුණු පළදා කල රංගනයෙන් බිරිඳ ගේ දොළ දුක සංසිදුනි.
කෝලම් නාටකයක් ඉදිරිපත් කිරීමේදී අදටත් චාරිත්‍රයක් වශයෙන් රජු හා බිසව වැඩම කරවීම සිදු කරන්නේ මේ කතා පුවත සිහි ගැන්වීමටය.