සිරිලක දකුණු මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතවත්, නිරිත දිග මුහුදු බඩ ප්‍රදේශවල දක්‌නට ලැබෙන, පහතරට නර්තන සම්ප්‍රදායට අයත් නාටක විශේෂයකි කෝලම් නාටක. කෝලම් නාටක වල දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂනය වන්නේ, මේ රංගනය ඉදිරිපත් කරන නළුවන් වෙස්‌මුහුනු පැලදීම.
මෙම නාටකය සඳහා සහභාගි වෙන නර්තන ශිල්පීන් කැල හදුන්වනු ලබන්නේ, ' කෝලම් කුට්‌ටම' ලෙසය. පහතින් දැක්‌වෙන්නේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කෝලම් කුට්‌ටම් කිහිපයකි.
1. ගම්පහ - විගඩ කෝලම් කුට්‌ටම
2. කලුතර - ගෝනපොල, ඔලබොඩුව, මීගම කෝලම් කුට්‌ටම්
3. අම්බලංගොඩ කෝලම් කුට්‌ටම
4. මාතර - මිරිස්‌ස, උඩුපිල කෝලම් කුට්‌ටම්
වර්තමානයේ වේදිකා නාට්‍ය, රූපවාහිණි වැනි මාධ්‍යන් ඔස්‌සේ කලාකෘතින් ජන සමූහය තුල ප්‍රමුඛ ස්‌ථානයක් හිමිවීම හේතුවෙන් මෙම නාටක ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක්‌වී ඇත. පාරම්පරික කෝලම් නාටක ශිල්පීන් තවමත් මේවා අත නොහැර පවත්වාගෙන යාම හේතුවෙන් මෙම නාටක ක්‍රම තවමත් අභාවයට නොයා පවතියි.
කෝලම් නාටකයේ සියලුම රංගන ශිල්පීන් පිරිමින්වේ. ස්‌ත්‍රී චරිත පවා රඟ දක්‌වන්නේ පිරිමින් විසිනි. කෝලම් නාටකය පුරා රැයක් තිස්‌සේ රඟ දක්‌වන නාට්‍යකි. මුල් භාගයේදී විවිධ කෝලම් චරිත රඟ දක්‌වයි. අග භාගයේදී, සඳකිදුරු කතාව, ගෝඨයිම්බර කතාව, මනමේ වැනි විශේෂ කතා පුවත් රඟ දක්‌වයි.
කෝලම් නාටක සඳහා විශෙෂ කතා පුවත් නොමැති වීමද විශේෂ ලක්‍ෂනයකි. කෝලම නාටක අංග තුල, සංවාද, ගායනා සහ නර්තන අංග ඇතුලත් වේ. සමහර කෝලම් අංග තුල සංවාද හෙවත් නාට්‍යමය අවස්‌තා දක්‌නට නොලැබේ. මේ අනුව මෙය, කෝලම් නාටක හා කෝලම් නැටුම් ලෙස කොටස් දෙකකින් හැදින්විය හැකිය.
උදාහරණ:
ජස හා ලෙංචිනා කෝලමෙදී, ඊට කතා පුවතක් ද, සංවාදාත්මක අවස්‌තාද, කවි පන්ති ගායනා ද ඇතුලත් වේ. නමුත් කෝලම් නැටුමක් වන නාග රාක්‍ෂ ගුරුළු රාක්‍ෂ වැනි අංග හුදෙක් නැටුම් අංග පමනි.
කෝලම් නාටකයේ එන චරිත වර්ග ප්‍රධාන කොටස් 3 කි.
1. මිනිස් චරිත
ජස, ලෙංචිනා, මුදලි ආදී සාමාන්‍ය මිනිස් චරිත මේ චරිත වේ.
2. අති මානුෂ චරිත
නාග රාක්‍ෂ, ගුරුළු රාක්‍ෂ, නාග කන්‍යා වැනි සාමාන්‍ය මිනිසුන් ඉක්‌මවූ චරිතය.
3. සත්ව චරිත
සිංහ, වලස් වැනි සතුන් ගේ චරිතය.