මෙම නාටකයේ එන බොහෝ ගායනා මැදුම් තනිතිත තාල රූපයට අනුව මධ්‍ය ලයෙන් ගැයේ. ඉතාම සරල බස් වහරකින් යුතු කවි පන්ති වේ.
අඳුන් ගාන්නී නෙත්දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ඔතා දමන්නී
මාල දමන්නී පවලන් කරේ බඳින්නී
සේල අදින්නී පොටකින් ඔමරි කරන්නී
වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙවුලන්නේ
කුදා වනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත්දෙක තෑගි කියන්නේ
සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී
වතුර සොයන්නට ගුරුවා යනවා
ලබුකර අරගෙන පිටත්ව යනවා
යන එන අයගෙන් පාර අසනවා
කුඹුකේ ළඟ එම ළිඳ පෙන්නනවා
දේසේ සිට ආ එගුරු මහල්ලා
දියට යාය ලබු කැටයක් එල්ලා
තඹරාවට වෙදරාලගෙ බල්ලා
ගුරුවගේ කුකුලේ කාපි බොලල්ලා
යාල් විතර ව අව්වේ වේලාලා
දොළහක් විතර ගෝමර බඳවට ඉසිලා
අතක් දිගට නිල්වරලස මිඳීලා
සොකරි සිටිති අව්වේ වනාලා
අඳුන් ගාන්නී නෙත්දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ඔතා දමන්නී
මාල දමන්නී පවලන් කරේ බඳින්නී
සේල අදින්නී පොටකින් ඔමරි කරන්නී
වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙවුලන්නේ
කුදා වනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත්දෙක තෑගි කියන්නේ
සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී
වතුර සොයන්නට ගුරුවා යනවා
ලබුකර අරගෙන පිටත්ව යනවා
යන එන අයගෙන් පාර අසනවා
කුඹුකේ ළඟ එම ළිඳ පෙන්නනවා
දේසේ සිට ආ එගුරු මහල්ලා
දියට යාය ලබු කැටයක් එල්ලා
තඹරාවට වෙදරාලගෙ බල්ලා
ගුරුවගේ කුකුලේ කාපි බොලල්ලා
යාල් විතර ව අව්වේ වේලාලා
දොළහක් විතර ගෝමර බඳවට ඉසිලා
අතක් දිගට නිල්වරලස මිඳීලා
සොකරි සිටිති අව්වේ වනාලා