සොකරී ජන නාටකයෙන් නිරූපණය වන්නේ ගැමියාගේ නිර්මාණශීලී චින්තනයයි. ගැමි ජීවිතයේ ඇති අව්‍යාජබව , උපහාසාත්මක කුසලතාවයන් මෙම නාට්‍ය තුල කැපී පෙනේ. සොකරී රඟ දැක්‌වීම විනෝදාස්‌වාදය මෙන්ම සශ්‍රීකත්වය වුදෙසා කෙරෙන රංගනයක් බවත් සමහරෙකුගෙ අදහසයි.
නාට්‍යයේ සංවාදාත්මක අවස්‌තා බොහෝ විට දෙපැත්ත කැපෙන සංවාදය, මෙවැනි අවස්‌තා ගැමියන් අතර සිනා ගස්‌වන අංගවේ. බොහෝ දේ ගැන උපහාසයෙන් බලන ගැමියා ගැන සොකරි නාට්‍යයේ දැකිය හැකිය.
මෙම නාටකය රඟ දැක්‌වීම සාමුහික කටයුත්තක් සේම ගමේ සියලු දෙනා සහභගි වන පොදු කටයුත්තකි. මෙම පොදු කටයුතු තුලින් ගමේ අන්‍යන් අතර පවතින සමගිය, එකමුතු බව වර්ධනය වේ. නර්තන ශිල්පීන් මෙන්ම නරඹන්නන්ටද නාටකය අවසානයේ බතබුලතින් සංග්‍රහ පවත්වීමද විශේෂ ගුණාංගයකි.
අස්‌වනු නෙලීමෙන් අනතුරුව අතමිට සරුවූ ගැමියා නැවත වගා කටයුතු ආරම්භ කිරීමට පෙර එලැබෙන විවේක කාලය අතරතුර මෙම නාටකය විනෝදාස්‌වාදය සඳහා පවත්වයි. හුදෙක් විනෝදාස්‌වාදයම තේමාව කොට නොගත් මෙම රංගනය තුල ආගමික සිරිත් විදිද දක්‌නට ලැබේ. මෙවර අස්‌වනු සරු වූවා සේම ඉදිරි කාලයේ තම ගොවිතැන් සශ්‍රීක කර ගැනීමට මෙම නාටක ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙයි.