මෙම නාටකය බොහෝ විට රඟ දක්‌වනුයේ කමතේය. ගොයම් කපා අස්‌වෙන්න නෙලාගත් ගැමියා තම හිසේ වූ මහා බරක් බිමතැබුවා සේ විවේකයක් ලබයි.
ආර්ථික වශයෙන්ද පොහොසත් අවස්‌තාවක් වන බැවින් ගම්මු තම රසාස්‌වාදය හා විනොදාස්‌වාදය සඳහා මෙම සොකරි නාට්‍යය රඟ දක්‌වයි. රංග භූමිය ලෙස තෝරාගන්නා කමතේ පසුපසින් ඉදිකරණ මල් යහන මෙහි ප්‍රධාන සැරසිල්ල ලෙස දැක්‌විය හැකිය.