කතා වස්‌තුව
 


ඉන්දියාවේ කසී රටින් මෙහි පැමිණි ගුරුහාමි නම් ආඩිගුරෙක්‌ වෙයි. ඔහුගේ රූමත් බිරිඳ සොකරී නම් ලද්දීය. ඔවුන් දෙපලට පරයා නම් සේවකයෙක්‌ වෙයි. ගුරු හාමි, සොකරී සහ පරයා නැවු නැගී ලංකාවට සන්ක්‍රමනය වන්නේ යම් හෝ ජීවන උපාය මාර්ගයක්‌ සොයමිනි. මෙසේ පැමිණි ඔවුන් සිරිලක තඹරාවිට පෙදෙසට පැමිනෙයි. ගුරුහාමිට සිංහල කතාව බැරිවීම නිසා මොවුන් බෝහෝ දුශ්කර තාවයන්ට මුහුණ දීමට සිදුවේ. නමුත් පරයා නම් සේවකයාගේ කපටි හා කටකාර කම හේතුවෙන් ඔවුන් උත්සාහයෙන් එම ගමෙහි පැලක්‌ අටවා ගනී.

ගුරු හාමි ගමේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිදිමින් සහල් ස්‌වල්පයක්‌ සොයා ගෙනවිත් සොකරීට එවා පිසින්නට දෙයි. නමුත් ගෙදර අහලක වතුර බිඳක්‌ නැතිබව සොකරී සැල කරයි. ගුරු හාමි වතුර සොයා එනු පිණිස ගමට එයි. එහිදී ගමේ වෙදරාළ ගේ බල්ලා විසින් සපා කනු ලබයි. බලවත් ලෙස රෝගාතුර වන ගුරුහාමි මිය ගොසිනැයි සිතූ පරයා, සොකරී තම වසඟට ගැනීමට උත්සාහ කරයි. මෙයින් සොකරී පරයා සමග කිපී වහා වෙද රාළ කැඳවාගෙන එන ලෙස අණ කරයි. සොකරී ඇවිත් කැඳවාගෙන යනතුරු තමා එහි නොයන බව වෙදරාළ පවසයි. පසුව සොකරී පැමිණ වෙද රාල කැටුව යයි. රාත්‍රියේදී ගුරුහාමිට බෙහෙත් කරමින් සිටින වෙද රාළ සොකරිය වසඟ කරමින්, ඈ හා මිත්‍ර වී ඇයත් සමග පලා යයි. සොකරී නොමැති දුකෙන් බලවත් කම්පාවට පත්වෙන ගුරුහාමි, සොකරී සොයාදෙන මෙන් කතරගම දෙවියන්ට බාරයක්‌ වෙයි.

කතරගම් දෙවියන් ගේ ආනිසංස බලයෙන් ගුරුහාමි හට සොකරිය සිටින දිසාව පෙන්වයි. ගුරුහාමි එහි ගොස්‌ නැවත සොකරිය ගෙදරට කැඳවාගෙන එයි. සොකරිය කලේ බරපතල වරදක්‌ බව කියා ගුරුහාමි ඇයට තැලීමෙන් තම සිත්හි උපන් කේන්තිය නිවා ගනියි. වෙදරාළ තමාට ඉනා බේතක්‌ පොවා වසඟ කරගත් බව මෙහිදී සොකරී කියා සිටියි. මේ කතාව පිලිගන්නා ගුරුහාමි සොකරියට සමාව දෙයි. කල් යත්ම දෙපලට දරු සම්පතක්‌ හට ගනී. පසුව මේ පවුල සතුටින් සාමයෙන් ජීවත් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017