උඩරට නැටුම් සම්ප්රදායට අයත් ප්රධාන වස්ත්රාභරණ කට්ටලය වන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මෙම උඩරට වෙස් ඇදුම් කට්ටලය මලය රජුගේ ඇදුම් කට්ටලයට බොහෝ සමානකම් කියන බවට මතයක් වේ. මෙම ඇදුම් කට්ටලයේ ශීර්ෂ පළඳනාව වෙස් තට්ටුව වේ. මෙම වෙස් තට්ටුව නිසා මෙයට වෙස් ඇදුම් කට්ටලය යැයි කියනු ලැබේ. වෙස් ඇදුමින් සැරසී කරන වෙස් නැටුම ශ්රී ලංකීය සංස්කෘතිය කියාපාන ලෝක ප්රසිද්ධ නැටුමකි.
වෙස් ඇදුම් කට්ටලයේ කොටස්
* නිසන් සඟල
සුදු රෙදිවලින් තනා ගන්න මෙය උල් උඩය යන පාරිභාෂිත නාමයෙන් ද හදුන්වනු ලබයි.
* දෙවල්ල
සුදු රෙදි වලින් තනා ගන්නා මෙය දෙපසට දමන රැල්ලකි.
* සඟල ලණුව
දිගින් බඹ හතක් පමණ දිග මෙම ලණු රැළි හා බඳ වෙලීමට භාවිතා කරයි
* ජටාව
කරඩුවක හැඩයෙන් යුක්ත ජටාව හිස මුදුනේ පළදිනු ලබයි.
* ජටා පටිය
ජටාව මුදුනේ සිට පිටිපසට වැටෙන පටිය ජටා පටිය ලෙස හදුන්වනු ලබයි
* පයින්පත
රිදියෙන් නිම කරවා ඇති, ගිණි සිලුවක හැඩයට සමාන ආභරණයකි. හිසමුදුනේ පලදයි.
*ශිඛා බන්ධනය
වෙස් තට්ටුව ලෙස සැලකෙන්නේ මෙම ශිඛා බන්ධනයටය. රිදියෙන් කරවා ඇත. බෝකොළ හැඩයෙන් නිමවා ඇත. අර්ධ කවාකාර හැඩයක් ගනී.
*නෙත්ති මාලය
වෙස්තට්ටුවට පහලින් නළලේ උඩ කොටසේ බදිනු ලබන නෙත්ති මාලය රිදියෙන් කොට වැඩ දමා ඇත.
* අවුල් හැරය
පබළු හා රිදී බොත්තම් භාවිතා කොට හැඩදමා කරන ලද මෙම ආභරණය නට්ටුවාගේ පපු පෙදෙස වැසෙන පරිදි පළදිනු ලබයි.
* කරපටිය
නැට්ටුවාගේ බෙල්ලේ පළදින මාලයක් බඳු අලංකාර ආභරණයකි.
* තෝඩුපත්
කන් දෙපසට පළදින මෙය කණට වඩා විශාලව සැදූ ආභරණයකි.
* ඉන හැඩය
ඉනේ සිට පහළට පළඳී. රිදී බුබුලු අළලා විල්ලුද රෙදි වලින් සැදූ ආභරණයකි.
* බුබුළු පටිය
ඉණට පලදින වැඩදැමූ අලංකාර ආභරණයකි
* බන්දි වළලු
දෙඅතේ පලදින වළලු විශේෂයකි. අතේ ඉහල හා පහල දෙතැන් හිම පළදිනු ලබයි.
*. කයිමෙත්ත
රිදියෙන් කල ආභරණයකි. අතේ මැණික් කටුව ලඟ පලදින මේ ආභරණයට අත් පෙති යනුවෙන්ද ව්යවහරය කරනු ලබයි.
*. උරබාහූ
දෙවුරට පළදින ආභරණයකි. දෙවුර මාල යනුවෙන්ද හදුන්වනු ලබයි.
*. සිලම්බු
පාදයේ පලදිනු ලබන සිලම්බූ රසුපටි හා ගිගිරි ලෙසද හදුන්වනු ලබයි.