මෝල්ගස්‌ නැටුම
 
මෑත යුගයේ දේශිය ගැමි නැටුම් අතරට එක්‌ වූවකි නර්තනයකි මෝල්ගස්‌ නැටුම. මෙම නැටුම මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ එක්‌දාස්‌ නවසිය හැට ගණන් වල පැවති නැටුම් තරගයක්‌ සදාහ කෑගල්ල ප්‍රදේශයේ ගුරු මහතකු විසින් යැයි මතයක්‌ පවති. නමුත් ජනතාව අතර මෙම නැටුම ප්‍රචලිත වී ඇත්තේ එක්‌දාස්‌ නවසිය අසූ දසකයේ දී මිරැන්ඩා හේමලතා ගුරු මහත්මිය විසින් නූපුර රාවය නර්තන ප්‍රසංගයට ඉදිරිපත් කල මොල්ගස්‌ නර්තන අංගය තුලින් ය. පසු කාලීනව විවිධ අංග ඊට එකතු වෙමින් ප්‍රසංග වේදිකාවට ගෙන ආ මේ ගැමි නැටුම ප්‍රේක්‍ෂක ජනතාව අතර ප්‍රචලිත විය.

ප්‍රධාන වශයෙන් වී කෙටීම සඳහා භාවිතා කරන මෝල්ගස ගැමි නිවෙස්‌ තුල විශේෂ කටයුතු කිහිපයක්‌ සඳහාම භාවිතා කෙරෙන උපකරණයකි. ශාන්ති කර්ම අවස්‌තාවලදී පවා මෙම මෝල්ගස පාවිච්චි වන අවස්‌තා දැකිය හැකිය. කිතුල් හෝ පොල් ලී වලින් සකස්‌ කර ඇති මෝල්ගසේ එක්‌ කෙලවරක යකඩෙන් කරන වියල්ලක්‌ සවි කොට ඇත.

වී කෙටීමේ ක්‍රියාවලිය සරල අංග චලන උපයෝගි කරමින් රඟදැක්‌වීම මෝල්ගස්‌ නැටුමයි. මෝල්ගස්‌ නැටුම සඳහා කාව්‍ය සාහිත්‍යක්‌ නොමැති වීම නිසා මුල් කාලයේ මෝල්ගස්‌ නැටුමට භාවිතා කර ඇත්තේ, පහටරට ශාන්ති කර්මයංහි එන මෝල් කවි ගායනයන් ගෙන් උපුටා ගත් කවි පදය. පසු කාලිනව මේ නැටුම අළලා කවි ගී නිර්මාණ බිහිවිය.

මෝල්ගස්‌ නැටුමට යොදාගත හැකි ගායනා
නඳුන් උයන වට ඇවිද බලන්නේ
දිවි කදුරුද ගස එතැන තියෙන්නේ
සත් වියතක්‌ දිග මොහොල කපන්නේ
රංවිලි දෙකොනට හොදින් තනන්නේ

මෝල මුලේ ගණ දෙවියෝ වෙසෙති
මෝල මැදේ සිරියා කත වෙසෙතී
මෝල දෙකොනේ සිව්වර දෙවි රකිති
මෝල හිසින් ගෙන සබපිට බසිති

නඳුන් උයන වට සක්‌මන් කර ඒ විදි කඳුරු ගසින
ලීය කපා කැටයම් කර රන් විලිලා මෝල දෙකොන
සතරවරම් දෙවිඳු ඇවිත් අනවින දොස දුරුකර මින
නන් විසිතුරු ලදුන් අතට දුන්නෛ මේ සබේ නටන

සිනා සිසී අත් අල්ලා ගන්නේ
මනා ලෙසින් පේළියට සැදෙන්නේ
තනාපු රන් රූ ලෙසින් දිලෙන්නේ
ගෙනාපු ඇල් වී නොවෙද කොටන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017