නිවැරදි අදහසක් දෙන අයුරින් වාක්‍යාංශ සංයෝජනය කිරීම භාෂා ප්‍රයෝගයකි. ඉන් වාක්‍යන් කෙටි වන අතර අදහස තීව්ර කිරීමේ හැකියාවද සැලසේ.
එක අදහසට වඩා පළකරන සංකීර්ණ වාක්‍ය සාදාගන්නේ වාක්‍ය සංයෝජනයෙනි.
නිමල් කඩවසම් තරුණයෙකි. ඔහු හොඳට අඳියි. නිමල් කාටත් ප්‍රිය මනාපය.
එකම උක්‌තය ඇති විට එක් වරක් පමණක් උක්‌තය යොදා වාක්‍ය සංයෝජනය කළ හැකිය.
නිමල් කාටත් ප්‍රියමනාප, හොඳට අඳින කඩවසම් තරුණයෙකි.