ඔංචිලි වාරම් කවි
 ශ්‍රී ලංකාවේ පවතින ජන ගී ගායනා විශේෂයකි ඔංචිලි වාරම්. සිංහල දමිළ අලුත් අවුරුදු සමයේ කුඩා ළමුන් ගේ සිත් ගත් සෙල්ලමකි ඔංචිල්ලා පැදීම. මෙම ඔංචිලි පදිමින් ගායනය කරන ගී ඔංචිලි වාරම් නම් වේ

ඉඳගත්තෙමි උස පුටුවක ගුවනා
බැඳගත්තෙමි යස කොන්ඩය මුදුනා
ඇඳගත්තෙමි සලුවක්‌ ආභරණා
වැඳ ගත්තෙමි නාරායන සරණා

පදින කලට අඟනෝ ඔංචිල්ලා
අඳින සළුව තද කර ඇඳගල්ලා
තදින අතින් වැල් අල්ලා ගල්ලා
සොඳින වරල බැඳගෙන පැදපල්ලා

(c) Shilpa Sayura Foundation 2006-2017