අතීතයේ හෙළ රජවරුන් ගේ හමුදාවන් අතර කඩු ශිල්ප, දුනු ශිල්ප වැනි සටන් ක්‍රම භාවිතා කලහ. යුද්ධමය අවස්තාවලට අමතරව මෙම අංග ක්‍රීඩාවන් ලෙසද, විවිධ උත්වසවල මෙම සටන් හරඹ ගෙන හැර පෑහ. මෙම සරඹයන් ගෙන් ආභාසය ලැබූ ගැමි නැටුමකි කඩු සරඹ නර්තන ක්‍රමය, කඩුවක් සහ පලිහක් දෙඅතින් ගෙන දෙපිලක් බෙදී මෙම නර්තනය රග දක්වයි. කඩූ සරඹ කවි ගායනා කරමින් රඟ දක්වන මෙම රංගනයේදී පහරදීම් හා එම පහර වලින් ගැලවීම නීරූපනය වන අංග චලන වලින් සැදුම් ලත් රංගනයකි.
මෙම රංගනය ඉදිරිපත් කරන්නේ පිරිමින් විසින් වන අතර ඉතා වේගයෙන් ගලා යන (දෘත ලය ) නර්තනයකි. මේ රංගනය සඳහා යොදාගන්නා වස්ත්රාභරණ වන්නේ යටිකඩට කුඩා රිදි කඩක්ද, හිසට ජටාවක් බැද, මාල කන්තෝඩූ වළලු ආදියයි. උඩුකය නිරුවත් ය, අතීත හමුදා ශිල්පියකුගේ ස්වරූපය ගනී. විශේසිත වූ වාද්‍ය භාන්ඩ භාවිතා නොකරන අතර ඒ ඒ ප්‍රදේශ වලට ආවෙනික වූ වාද්‍ය භාන්ඩ වයමින්, කඩු සරඹ කවි ගායනා කරමින් මෙම රංගනය ගලා යයි.
කඩු සරඹ කවි ගායනා ( තාල රූපය මැදුම් තනිතිත )
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැවු නැගිලා
පරංගි උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමක් සොඳයි කිසි බිසි ගාලා
කොළඹදි කම්පලත් නැතත් සෙනගක් මරාදාලා
ලත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා
දෙමලු මත්වෙලත් දොඩත් වෙරිමත පෙන්නන්ටා
කත් ගෙරිත් මසුත් උන් ගේ කුනු වෙන්ටා
මෙහි නැත් කිසිත් ජයක් පුද කෙරුමට උන්ටා
කොටමින් විදුලි සැර අකුණු ගසන මෙන
කපමින් රන් කග ගෙන රුපුන් වනසන
පාමින් විලස් නෙක සබේ තැන තැන
සොබමින් රැගුම් දෙන කඩු පලිස් ගෙන
සත් යොදුන් නැගී අහසට මොර දෙමිනා රොසින
සත් වියත් කගින් රඹතුරු පළු ගසනා ලෙසින
සත් කඩක් කපන විලසින් යුද කරනා පෙරන
සත් මහත් සෙබලු බලසකි රඟ බසිනා දෙරණ