හෙල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වන වී ගොවිතැනට සම්බන්ධ නැටුමකි. වී ගොවිතැනෙහි එන බැත පැහීම , බැත හුලන් කිරීම, වී පෙලීම ආදි කර්තව්‍යයන්ට යොදා ගන්නා උපකරණය කුල්ලයි. මේ කුල්ලක් අතින් ගෙන සරල කුළු නැටුම් කවි ගයමින් ඉහත කී ගොවිතැන් කටයුතු සරල අංග චලනයංගෙන් ඉදිරිපත් කිරීම කුලු නැටුමයි. මෙම කුලු නැටුම සාමූහික නර්තනයක් වන අතර බොහෝ විට මේ නැටුම ස්ත්‍රීන් විසින් කරනු ලබන රංගනයකි. කුළු නැටුම සඳහා ආවෙනික වාද්‍ය භාණ්ඩයක් නොමැත. ඒ ඒ ප්‍රදේශ අනුව වාද්‍ය භාණ්ඩ යොදාගනු ලබයි.
කුළු නැටුම් කවි හා ගායනා
තාල රූපය මැදුම් තනිතිත
කැලේ ගොසින් පඳුරින් බට කපන්නේ
පලා පුරුක් හැර අවුවේ දමන්නේ
නමා දෙකොණ මුළු අස්පත් පුරන්නේ
රටා දමාලයි කුල්ලක් වියන්නේ
ළමාලියෝ ගවසා මල් වරල පිට
දමා කරට මුතුපොට අත වලළු වට
පෙමා වඩන ලෙස සරසා ඔසරි පට
පමා නොව රඟති කුළු ගෙන සබේ සිට
වටත් සදිසි වට කොල වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසිල්ලියේ
මෙරට ලදුන් කුළු සරඹෙට ලවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බැන්ද පවලම් වැල නොසෙල්ලියේ
කුළු සරඹෙට එනවද රත්න වල්ලියේ
කුළු නැටුම් කවි හා ගායනා
තාල රූපය මැදුම් තනිතිත
කැලේ ගොසින් පඳුරින් බට කපන්නේ
පලා පුරුක් හැර අවුවේ දමන්නේ
නමා දෙකොණ මුළු අස්පත් පුරන්නේ
රටා දමාලයි කුල්ලක් වියන්නේ
ළමාලියෝ ගවසා මල් වරල පිට
දමා කරට මුතුපොට අත වලළු වට
පෙමා වඩන ලෙස සරසා ඔසරි පට
පමා නොව රඟති කුළු ගෙන සබේ සිට
වටත් සදිසි වට කොල වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසිල්ලියේ
මෙරට ලදුන් කුළු සරඹෙට ලවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බැන්ද පවලම් වැල නොසෙල්ලියේ
කුළු සරඹෙට එනවද රත්න වල්ලියේ