අඩි දෙකක් පමණ දිග ලී දන්ඞක දෙකොණෙහි රැලි කපා එල්ලා වර්ණ ගන්වා හැඩ කොට ඇති නර්තන උපකරනය සවරම නමින් හැදින්වේ. රාජ සේවයේ යෙදුන සේවක සේවිකාවන් රජුට හෝ රාජ නායකයන් හට පවන් සැලීමට යොදාගත් උපාංගයකි සවරම. මෙය චාමරයට සමාන උපාංගයක් උවත් චාමරයක එක් පැත්තක පමනක් රැලි යොදා තිබේ. සවරන් නැටුමේ දී මෙවැනි සවරන් දෙකක් දෙඅතින් ගෙන සවරන් කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙයි.
සවරන් කවි
තාල රූපය - සුළු තනිතිත
ලය - මධ්‍ය ලය
රන් සවරන් ලී දෑතට ගන්නේ
දුල් රැලි මල් බඳ වට දිලිසෙන්නේ
මින්දද නෙත් හී කොනින් බලන්නේ
පුල් පියුමන් පිට දෝ ඇවිදින්නේ
තාල රූපය - මැදුම් තනිතිත
ලය - මධ්‍ය ලය
දෑතට ගන්නේ සවරම පවන් සලන්නේ
සරඹ පාන්නේ පා පොඩි දෙක හසුරන්නේ
ගීත කියන්නේ සුමිහිරි තාල වයන්නේ
සබයට එන්නේ සවරම් නැටුම නටන්නේ
ලය - දෘත ලය
පෑවිය ගල් රැහැන් විය රැස් වඩින්නට
වීරිය කර සිතින් ගනඳුර හරින්නට
කාරිය තමයි සවරන් ගෙන නටන්නට
සූරිය දෙවු රජුනි අවසර දෙවන් මට
සවරන් කවි
තාල රූපය - සුළු තනිතිත
ලය - මධ්‍ය ලය
රන් සවරන් ලී දෑතට ගන්නේ
දුල් රැලි මල් බඳ වට දිලිසෙන්නේ
මින්දද නෙත් හී කොනින් බලන්නේ
පුල් පියුමන් පිට දෝ ඇවිදින්නේ
තාල රූපය - මැදුම් තනිතිත
ලය - මධ්‍ය ලය
දෑතට ගන්නේ සවරම පවන් සලන්නේ
සරඹ පාන්නේ පා පොඩි දෙක හසුරන්නේ
ගීත කියන්නේ සුමිහිරි තාල වයන්නේ
සබයට එන්නේ සවරම් නැටුම නටන්නේ
ලය - දෘත ලය
පෑවිය ගල් රැහැන් විය රැස් වඩින්නට
වීරිය කර සිතින් ගනඳුර හරින්නට
කාරිය තමයි සවරන් ගෙන නටන්නට
සූරිය දෙවු රජුනි අවසර දෙවන් මට